hit counter

2026 ජනවාරි මස 17 වන සෙනසුරාදා

2024 ජූලි 19, පෙ.ව. 12:02



ක්ලබ් වසන්ත ගැන කතාබහ තවමත් අවසන් වී නැහැ.

මේ ඔහු ගැන ඇසෙන අලුත්ම කතාව.

අතුරුගිරියේදී වෙඩි තැබීමකින් මියගිය ක්ලබ් වසන්ත නමැත්තා මිය යන විට ඔහු රට වටේටම ණය වූ අතේ සතේ නැති පුද්ගලයකු බවට දැනට අනාවරණය වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද බත්තරමුල්ල මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින්.

මියගිය ක්ලබ් වසන්ත නැමැත්තා සුඛෝපභෝගී ජීවිත ගත කරන වීඩියෝ පට විවිධ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වුවද ඔහුගේ ව්‍යාපාර බංකොලොත් වී රටටම ණය වී ඇති බව මෙතෙක් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බව‍යි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම කංජිපානි ඉම්රාන් සහ ගණේමුල්ලේ සංජීව නීතියෙන් බේරුණු හැටි ඔවුන්ගේ නීතිඥවරුන් හොඳින්ම දන්නා බවද අමාත්‍යවරයා පැවසුවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ කුඩු සල්ලිවලින් යැපෙන නීතිඥවරුන් පිරිසක් සිටින බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: