hit counter

2024 දෙසැම්‍බර් මස 08 වන ඉරිදා

2024 අගෝස්‍තු 03, පෙ.ව. 12:03



ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකු ඝාතනය කර තවත් සිව්දෙනෙකුට බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියේ වෙඩික්කරුවන් පලාගිය WP­NC1976 බස් රථය සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නේ නම් පහත සඳහන් දුරකතන අංකවලට දැනුම්දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලයි.

  • බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති – 0718596065
  • අතුරුගිරිය පොලිසියේ ස්ථනාධිපති – 0718591657

මේ සම්බන්ධයෙන් තොරතුරු දෙන පුද්ගලයන්ගේ රහස්‍යභාවය සුරකින බවත් පොලිසිය සඳහන් කරයි.

ක්ලබ් වසන්ත ඝාතනය කිරීමට පාතාල නායක ලොකු පැටී නැමැත්තා වියදම් කළ රුපියල් කෝටි ගණනින් රුපියල් ලක්ෂ 14ක මුදලක් වැය කර තිබුණේ ඝාතනයෙන් අනතුරුව වෙඩික්කරුවන්ට පලා යෑමට මෙම බස් රථය මිලදී ගන්නට බව අනාවරණය වී තිබෙනවා.

මුහුණු පොතේ පළ කර තිබූ දැන්වීමකට අනුව ඝාතනය කිරීමට දින කිහිපයකට පෙර අන්තර්ජාලය ඔස්සේ රුපියල් ලක්ෂයක අත්තිකාරම් මුදලක් ගෙවා, ඉතිරි මුදල එකවර ගෙවා මිලදී ගෙන මිරිස්ස පොල්අතුමෝදර අඹ ගහවත්ත ප්‍රදේශයේ 21 හැවිරිදි කාන්තාවකගේ නමට මෙම බස් රථය මිල දී ගෙන තිබෙන බව අනාවරණය කරගෙන තිබුණා. පසුව එම කාන්තාව පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුනා.

වසන්ත ඝාතනයෙන් අනතුරුව වෙඩික්කරුවන් දෙදෙනා මෝටර් රථයේ නැඟ, අනතුරුව වෑන් රථයට නැඟ මඳ දුරක් ගොස් කොරතොට විහාරස්ථානයක් ආසන්නයේ නවතා තිබූ බස් රථයට නැඟ අධිවේගී මාර්ගය ඔස්සේ කතරගම බස් නැවතුම්පොළ දක්වා ගමන් කර තිබෙනවා.

පාතල නායක ලොකු පැටීගේ සැලසුමකට අනුව ආරක්ෂක අංශවල අවධානය වෙනතකට යොමු නොවී වෙඩික්කරුවන්ට පළා යෑමට හා ගිනිඅවි ප්‍රවාහනය කිරීම සඳහා මේ බස් රථය මිල දී ගෙන තිබෙන බව මේ දක්වා සිදු කළ පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණා.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: