hit counter

2024 දෙසැම්‍බර් මස 09 වන සඳුදා

2024 අගෝස්‍තු 18, පෙ.ව. 12:04



පසුගියදා අතුරුගිරිය ටැටූ සාප්පුවකදී පාතාල වෙඩි ප්‍රහාරයක් නිසා ක්ලබ් වසන්ත සහ නයන වාසුල දෙදෙනාම ඝාතනයට ලක්වුණා.

මෙම බිහිසුණු සිදුවීමට මැදි වූ මියගිය අයගේ බිරියන් වන මැණික් විජයවර්ධන, කේ සුජීවා යන දෙදෙනා රෝහල්ගතව සති පහක පමණ කාලයක් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්තා.

ඔවුන් දෙදෙනාම මේ වන විට යම් මට්ටමකට සුවය ලබා නිවෙස් වෙත ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මැණික් විජයවර්ධනගේ පපුවටත්, කේ සුජීවාගේ පාදයකටත් වෙඩි වැදී තිබූ අතර ඔවුන් දෙදෙනාම මෙම සිදුවීමෙන් අතිශය කම්පනයට සහ මානසික වශයෙන් ද දුර්වලතාවයට පත්වී තිබුණා.

මෙම තත්ත්වයන් නිසා මැණික් වෙත ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් ඇයව හමුවන අයට දැඩි සීමා පනවා තිබූ අතර සිදුවීම ගැන තොරතුරු පවා ඇයට විස්තර සහිතව දන්වා තිබුණේ නැහැ. ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ ක්ලබ් වසන්ත අතුරුගිරිය ප්‍රහාරයෙන් මියගිය බව දැනගත්තේ රෝහලින් පිටව යන්නට සූදානම් වන අවස්ථාවේ බවයි.

නමුත් සුදත්ත තිලකසිරි සිය යූටියුබ් නාලිකාවක් හරහා ප්‍රකාශ කර තිබුණේ මැණික් විජයවර්ධන ඒ සම්බන්ධයෙන් තමන් හා අදහස් හුවමාරු කරගත් බවයි.

සුරේන්ද්‍ර වසන්ත පෙරේරාට සිදුවූ දේ පළමුදාම දැනගත් බවයි ඇය සඳහන් කර ඇත්තේ.

කෙසේ නමුත් මුල් කාල වකවානුවේ ඔහු වෙනත් රෝහලක ප්‍රතිකාර ලබන බව කියමින් ඇයගේ සෞඛ්‍ය තත්ත්වය වෙනුවෙන් වෛද්‍යවරුන් එම තොරතුරු සඟවා තිබුණා.

වෙඩි ප්‍රහාරයෙන් පසු ඇයගේ පපු ප්‍රදේශයේ තිබූ වෙඩි උණ්ඩ ශල්‍ය කර්මයකින් ඉවත් කිරීමට වෛද්‍යවරුන් කටයුතු කළ අතර එම තුවාල සුව වනතුරු ඇයට රෝහලේ නිසල්මනේ කාලය ගත කිරීමට සිදුවුණා.

ඊට අමතරව ඇයට ඇති වූ කම්පන තත්ත්වයෙන් පසු ඇය විශාදය රෝගයට ගොදුරු වී ඇති බවත් මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබමින් ඇය පසුවන බවත් වාර්තා වුණා.

සැමියා මිය ගිය බව දැනගත් පසු ඇය මහත් සේ හඬා වැළපුනු බවද වාර්තා වුණා.

සුරේන්ද්‍ර වසන්තට බිරියන් කිහිපදෙනෙකු සිටි අතර ඔහුගේ අවසන් බිරිද වුණේ මැණික්.

ඇය පොළොන්නරුව ප්‍රදේශයෙන් කොළඹ පැමිණි තැනැත්තියක් බවත් ඇගේ පවුලේ පියා සීසර්වරයෙක් බවත් පසුගිය කාලයේ මාධ්‍ය හෙළිදරව් කර තිබුණා.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: