2023 ජූලි 08, පෙ.ව. 12:04
කපු මහතෙකු විසින් සොයා දුන් තරුණියක් හමුවීමට ගිය තරුණයෙකු මුහුණ දුන් අපූරු අත්දැකීමක් පිළිබඳව වාර්තා වෙනවා.
මෙය සිදුව ඇත්තේ කෑගල්ල ප්‍රදේශයේදියි.
මෙම තරුණයා පුද්ගලික ආයතනයක රැකියාව කරන අතර දෙමව්පියන්ගේ බල කිරීමට නිවසින් යෝජනා කර තිබූ තරුණියක්ව බැහැ දැකීමට ගොස් තිබෙනවා.
මනමාලිය බැලීමට ටික දිනකට පෙර ඔහු කාර්‍යාලය බලා දුම්රියේ ගමන් කරන විට කාන්තාවකගේ ඇඟට තෙරපී ගමන් කිරීම නිසා අදාළ තරුණිය ඇතුලු පිරිසක් ඔහුට එහිදී දෝෂාරෝපණය කර ඇති බවයි වාර්තා වන්නේ.
ඉන් දින දෙකකට පමණ පසුව තමාට යෝජනා කර තිබූ තරුණියව බැලීමට පවුලෙ අය සමඟ ඔහු මෙලෙස ගොස් ඇති අතර මනමාලිය දුටු විට ඔහුට උන් හිටි තැන් අමතක වී ඇත්තේ ඒ අන් කිසිවෙකු නොව තමාට දුම්රියේදී බැන වැදුනු තරුණිය බව දැකීමත් සමඟයි.
එම නිවසට යාමට පෙර කපු මහතා විසින් අදාළ තරුණියගේ ජායාරූපයක් ද පෙන්වා ඇති අතර රූපලාවණ්‍ය කටයුතු වල පරතෙරට ගොස් ඇති ඇය මේකප් ආදිය දමාගෙන අදාළ සෙල්ෆි ජායාරූපයට පෙනී සිට තිබෙනවා.
බැලු බැල්මට හඳුනාගත නොහැකි පරිද්දෙන් ඇය එම ජායාරූපයේ පෙනෙන අතර එම නිසාම අදාළ තරුණයාට ඇයව දුම්රියේදී හෝ හඳුනා ගැනීමට හැකි වී නැහැ.
තමාව බැලීමට පැමිණියේ දුම්රියේදී තමාට කරදර කරන්නට පැමිණි තරුණයා බව දුටු ඇය ඔහුට කේන්ති ගොස් බැන වැදී පහර දී ඇති අතර ඔහුගේ එක් දතකට තුවාල වී තිබෙනවා.
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 16, පෙ.ව. 10:49
2025 ඔක්‍තෝබර් 16, පෙ.ව. 10:17
2025 ඔක්‍තෝබර් 16, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 15, ප.ව. 12:01
17-10-25
17-10-25
17-10-25
17-10-25
17-10-25
17-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
15-10-25
15-10-25
15-10-25
15-10-25
15-10-25
15-10-25