hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 10, පෙ.ව. 12:00



විවාහ මංගල්‍යදා තම හොඳම මිතුරාගේ දෙපා වැද මින් මතු කිසිම දිනක තම නිවසට පැමිණෙමින් වළකින ලෙස ඉල්ලා සිටි අපූරු මනාලයෙකු පිළිබඳ පුවතක් මාතලේ ප්‍රදේශයට ආසන්න නගරයකින් වාර්තා වෙනවා.

කාලයක සිට අඹ යහළුවන් ලෙස මිතුරුන් දෙදෙනෙකු එකම ප්‍රදේශයේ ජීවත්ව සිට ඇත.

වයසින් බාල වූ එක් අඹ යහලු‍වෙකු විවාහ වී සිටී අයෙකි, වයසින් වැඩිමහළු වූ අවිවාහක ලෙස ජීවත් වූ අනෙක් අඹ යහළුවා විවාහ නොවී සිටීමට තීරණය කර සිටි අයෙකි.

දෙමව්පියන්ගේ දැඩි පෙරැත්ත මත දෙමව්පියන් සොයා දුන් යුවතියක සමග ඔහු විවාහ විය.

මෙම මංගල අවස්ථාවට දෙපාර්ශ්වයේම ඥාතීන් මිතුරු මිතුරියන් පැමිණ සිටින අවස්ථාවක වයසින් වැඩිමහල් වූ අඹ යහළුවාගේ විවාහ මංගල්‍යයට වයසින් බාල වූ අඹ යාළුවා ඔහුගේ බිරිද සමග පැමිණ තිබේ.

එකවරම සිය මනාලිය අතින් අත ඇර අඹ යහළුවා දුටු මනාලයා දිවයන්නට විය.

සාදයේ සිටි සියලු‍දෙනාම හිතාගෙන සිටියේ අඹ යහළුවා නිසා මිතුරු දම නිසා ඔහුව සිප ගැනීම්ට හෝ වැළඳ ගැනීමට මෙසේ දිවයන බවය.

මිතුරාගේ බිරිද ද සිනහා මුසු මුහුණින් මනාලයා පිළිගැනීමට සුදානම් වෙද්දීම වයසින් බාල අඹය යහළුවා ළඟ දනණගසා මනාලයා වඳින්නට විය.

“මචං අපි දෙන්නා යාළුවෝ තමයි ඒත් අද අපේ ගෙදරට ආවට කමක් නෑ. මීට පස්සේ කවදාවත් අපේ ගෙදරට එන්න එපා. අපේ යාළුකම අතරමගදී තියාගමු. මෙහෙම කිව්වට මාත් එක්ක තරහ වෙන්න එපා මොකද අපි දෙන්නා දන්නවා ඉස්සර හැසිරුනේ කොහොමද කළ කී දේ මොනවද කියලා, ඒ විස්තර සියල්ල අදින් ඉවරයි උඹෙන් මම ඉල්ලන තෑග්ග තමයි අපේ ගෙදර මින් පස්සේ එන්න එපා.” මනාලයාගේ මුවින් පිටවුණේ එවැනි වදන් පෙළකි.

මිතුරාගේ බිරිදගේ මුහුණ දෙස මංගල සාදයේ බොහෝ දෙනාගේ දෙනෙත් ගැටෙන්නට විය.

දැඩි ලෙස සිත් වේදනාවට පත් වයසින් බාල අඹ යාළුවා කිසිත් කර කියා ගැනීමට නොහැකිව අවට අයගේ හොර රහසේ මුහුණ බලා බිම් බලාගෙන එම ස්ථානයෙන් පිටව යද්දී මනාලිය ද දෑස් වල කඳුළු පුරවාගෙන මනාලයාගේ දෑත තදින් අල්ලා ගෙන නිවස තුලට ගොස් ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: