hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 16, පෙ.ව. 12:01



‘සුදු රෙද්දේ පිරිසිදුකම සෙවීම’….

මේ කතාව පටන් ගන්නෙ එතැනින්. ඒක ඕනම කෙනෙකුට කියන්න පුුළුවන්, සාධාරණ කතාවක් බව. හැබැයි මේ කියන යල්පැන ගිය චාරිත්‍රය නිසාම අපා දුක් විඳින ගැහැනු මේ මිහිපිට නැතුවාම නෙවේ.

සත්‍ය වශයෙන්ම ලංකාවේ පමණක් නොව, බොහෝ රටවල ‘ගැහැනුන්ගේ පිරිසිදුකම’ සෙවීම සුලබව සිදු වෙනවා.

ඇතැම් රටවල නැදෑයින් අලුත බැන්ඳ මනාලි, ‘සැබැවින්ම පිරිසිදුද’ බැලීමටත් රැස් කකා සිටිනවා.

මෙවන් තත්ත්වයක් තුළ පවුල් අවුල් ඇති වෙන්නත්, ගැහැනු යකඩ වෙන්නත්, ගැහැනු දරුණු තීරණ ගන්නත් පටන් ගන්නවා.

මේ අපේ රටේ සිද්ධ වුණු මේ සම්බන්ධ ඇත්තම කතාවක්.

“මිලාන්ව මැරි කළාට පස්සෙ අපි හනිමූන් ගියේ ඇල්ලට. ඇල්ලේ ලොකු නිවාඩුවක් දාගෙන ලොකු හොටෙල් එකක් එහෙමත් බුක් කළා. හනිමූන් එක කියන්නේ ඉතින් කෙල්ලෙක්ගේ ජීවිතේ ලස්සනම දවස. ඒ වෙලාවේ ඒකට සුදානම් වෙලා මම ආසාවෙන් බලන් හිටියා. එයා දැන් තමයි පැටියෝ හොඳම කොටස කියලා, මගේ කොණ්ඩ බූලියත් ගලවලා විසිකළා. මුලින්ම එයා කළේ ආසාවෙන් මාව ඉම්බ එක. නිකන් රත්තරන් කුට්ටියක් දැක්කා කියලා හිතලා. මට මාර සතුටක් එක්ක ලොකු හැඟීමක් ඇතිවුණා..”

“ඒක ඉවර වුණා.. මගේ සාරිය ගැළවුණා. ඒත් පැයකින් දෙකකින්… එයාට ඕනි දේ බෙඩ් ශීට් එකේ තිබ්බේ නෑ. ඊටපස්සෙ තමයි මෙච්චර වෙලා හිටපු හොඳ පිරිමියා නරක පිරිමියෙක් වුණේ. බෙරිහන් දුන්නා. මාව මැරුවේ නැති එක විතරයි. ඇඳේ දාලා කම්මුල් පිපිරෙන්න සද්දෙට ගැහුවා. මට හිතාගන්න බෑ මේ මිලාන්ම ද කියලා. මගෙන් එයා ඇහුවෙම කවුද ඌ, කවුද උඹත් එක්ක හිටියේ, ඇයි උඹ මට හැංඟුවේ කියලා. දෙයියනේ !! මම දිවුරලා කිව්වා මම එහෙම කා එක්කවත් හිටියේ නෑ, මම පිරිසිදු කෙනෙක් කියලා..”

“ඒත් එයා විශ්වාස කළේ නෑ. මට මාවම එපා වෙන තරමට එයා මට ගැහුවා. පස්සෙ මා එක්ක ඉන්නවත් බෑ කියලා හොටෙල් රූම් එකේ එතැන එහා පැත්තේ තිබ්බ ඇඳකට හේත්තු වුණා. එදා රෑ මම සතුටින්ම ඉන්න ඕනි රෑ… මම කරපු දේ හොඳටම අඬපු එක. ලේ නෙවෙයි බෙඩ් ශීට් එකේ තිබ්බේ කඳුළු…”

“මම පස්සෙ දැනගත්තේ සමහර ගෑනු ළමයින්ට එහෙම පිරිසිදුකම පෙන්වන්න බැරිලූ. ඒක හැටියක්ලූ. මම අද වෙනකන් මිලාන්ට හේතු කියන්න ගිහින් නෑ. හරිම වේදනාවක් දැනෙන්නේ. අපි දෙන්නා මාස තුනක් ඉන්න ඇති. ඒකත් දුරින්. අදටත් අපි ඩිවෝස් නෑ. මිලාන් ළමයි හදන්න කැමති වුණෙත් නෑ. අපි වෙන වෙනම ඉන්නේ ඉතින්…”

“මට දුකයි.. දුකක් නැතුව නෙවෙයි. මිලාන් කැමතිත් නෑ ඩිවෝස් වෙන්න. මොකද එයා ආස නැල්ලූ අම්මලා ලැජ්ජ වෙනවට.. ඉතින් ජීවිතේ දුකක් නැතුව වෙන මොකක් කියන්නද ?”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: