hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 19, පෙ.ව. 12:01



දින ගණනාවක් ඇඟිලි ගනිමින් මඟුල් ගෙදරට යාමට පෙරුම් පිරූ හොඳම යෙහෙළියකට අත් වූ අකරතැබ්බයක් ගැන පුවතක් යාපහුව අඩවියෙන් අසන්නට ලැබුණි.

ඔවුහු පෞද්ගලික ඇඟලුම්හලක කොළොම්පුරයට ගොස් හදුනා ගත් මිතුරියෝ දෙදෙනෙක් වූහ.

මිතුදම කෙසේ ද කිවහොත් වෙන් වෙන්ව නවාතැන්වල සිට සේවා ස්ථාන දෙකක සේවයට ගිය දෙදෙනා පසු කලෙක එකම නවාතැනක සිට එකම සේවා ස්ථානයක සේවාවට පැමිණියහ.

නිවාඩු යන විට දෙදෙනා දකුණ හා වයඹ පිහිටි ඔවුනගේ ගම් පළාත්වලට පවා යාමට ඒමට පටන් ගත් නිසා එම පවුල්වල අයටද ඔවුහු ආගන්තුකයෝ නොවූහ.

මේ අතර දකුණේ මෙනෙවිය විවාහයකට සුදානම් වුවාය.

ඒ සදහා අවැසි මංගල ඇදුම් ගැනීම, රන් මුදු මාල සැකසීම සදහා යන මංගල යුවළ හා ඒ පවුලේ අය කැටුව යාමට මෙම යෙහෙළිය ද සහභාගි වුවාය.

ඇයගේ මංගල ගමනට දින නියමිතව ඇති නිසා මනාලිය කල්වේලා ඇතිව නිවාඩු ලබාගෙන ඇගේ දකුණේ ගම් පළාතට ගියාය.

මංගල දිනයට ආයතනයේ නිලධාරින්ට හා අනිත් හිතවත් යහළු යෙහෙළියන්ට ද ඇරයුම් කර තිබුණි.

ඔවුන්ට වඩා විශේෂ සැලකිල්ලක් දැක්වු මෙම යෙහෙළිය ද ඊට දින කිහිපයකට පෙර නිවාඩු ලබාගෙන ආයතනයෙන් නික්මුණාය.

ඒ තම නිවසේ සිට නියමිත දිනට පෙර දිනයට දකුණේ මංගල උත්සවය පැවැත්වෙන හෝටලයට යාමටය.
එහෙත් මංගල දිනයට ආයතනයේ ඇරියුම් කළ සියලු දෙනා පැමිණ සිටියත් විශේෂයක් දැක් වු මෙම යෙහෙළිය පැමිණ සිටියේ නැත.

විශේෂ ඇරියුමක් කළ හොඳම යෙහෙළිය නොපැමිණීම ගැන මනාලිය මෙන්ම ආයතනයේ පිරිසට ඇති වූවේ කුතුහලයකි. ඔවුහු ඒ ගැන සොයා බැලුහ.

ඇය මංගල උත්සවයට යාමට මත්තෙන් මුහුණේ තිබු ලප පැල්ලම් ඉවත් කරන්නට මුහුණේ ආලේප කළ ඖෂධයක් ආසාදිත වී රෝහල් ගත කර ඇති බවය. මනාලිය මංගල උත්සවය නිමා කර නැවත සේවයට පැමිණ ඇතත් මුහුණට ඇති වී තිබෙන කැළල නිසා සමාජයට මුහුණදීමට නොහැකිව ඇය තවමත් යාපහුව ගමේම සිටින බවත් දැන ගන්නට ලැබුණි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: