hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 ජූලි 26, ප.ව. 7:19



කාලෙන් කාලෙට සමාජ මාධ්‍ය පුරාවට විවිධ අලුත් චරිත පිළිබඳව කතාබහ කරන්න පටන් ගන්නවා.

ඉතින් අපි අද ඔබට කියන්න යන්නේ පසුගිය කාලසීමාව පුරාවටම සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන්ම කතාබහට ලක්වුනු අපූරු තරුණයෙක් පිළිබඳවයි.

සරලවම කිව්වොත් ඔහු කොතරම් ජනතාව අතර ප්‍රසිද්ධ වුණා ද කිවහොත් මේ වෙද්දි විශේෂයෙන්ම තරුණියන්ගේ සිහින කුමරා බවට ඔහු පත් වෙලා ඉන්නවා.

ඒකට මූලිකම හේතුව තමයි ඔහු  අපූරු කෑම හදන වීඩියෝ ටික් ටොක් ආකාරයෙන් සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමයි.

ඉතින් මේ නිසා බොහෝ තරුණියන් ඔහුගේ මේ ලස්සන කෑම හදන වීඩියෝ බලන්නෙ පිස්සුවෙන් වගේ.

ඔහු නමින් චරින් එන් සිල්වා.

වෘත්තීය සූපවේදියෙක් වෙන චරින් ලංකාවේ ඉහළ පෙළේ ප්‍රසිද්ධ හෝටලයක රැකියාවක් කරනවා.

ආහාර පිසීමට ඇති මේ අපූරු හැකියාව නිසා ඔහු ගොඩක් දෙනෙක් අතර ප්‍රසිද්ධ වීමෙන් පස්සේ ඔහුගේම නමින් wild cookbook කියලා යුටියුබ් නාලිකාවක් ආරම්භ කරනවා.

අවුරුදු 25ක විතර වයසක මේ අපූරු තරුණයා සඳහන් කරන්නේ කිසිම විටෙක කෑම උයලා ශ්‍රී ලාංකික ජනතාවගෙන් මේ තරම් ඉහල ප්‍රතිචාරයක් ඔහු බලාපොරොත්තු වුණේ නැහැ කියලයි.

ඉතින් ඒෂියන් මිරර් අපි සමඟ ඔහු මීට පෙර කතා බහට එක්‌ වෙලා සඳහන් කළේ තාම පෙම්වතියක් ගැන හිතලා නැති නිසා ඉදිරියේ දී ඒ පිළිබඳව සැලකිල්ලක් දක්වන්න බලාපොරොත්තු වෙනවා කියලයි.

ඉතින් තරුණියන් කොච්චර බලාගෙන හිටියත් දැන් නම් පළක් නැහැ.

මොකද ඔහුගේ විවාහ මංගල්‍යය පසුගිය ජූලි 25 පැවැත්වෙලා.

ඔහු අත ගත් තරුණියගේ නම භාග්‍යා.

විශේෂත්වය වන්නේ ඔවුන්ගේ විවාහ මංගල්‍යය දවසේ මේ දෙපළව පුදුම කරන්න අපි කවුරුත් දන්න කියන වස්තිලා ඇවිල්ලා හිටියා.

වස්තිලා ඔවුන්ගේ ෆේස්බුක් පිටුවේ කඩවසම් කෝකියාගේ විවාහ මංගල්‍යයේ ඡායාරූප පළ කරලා මේ වගේ සටහනක් පළ කරලා තිබුණා.