hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 මාර්තු 27, පෙ.ව. 9:16



ශ්‍රී ලාංකික ද්‍රවිඩ ගීතයක් වන ” අයියෝ සාමිනේ ” ගීතය ගායනා කරන වින්ඩි ගුණතිලක, දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර පැවති 16 වන එඩිසන් සම්මාන උළෙලේ දී ( 16 th Edison Awards ) 2023 වසරේ ඉදිරිපත් වූ විශිෂ්ඨතම සංවේදී ගීතයට (Best Sensational Song of the Year – 2023 ) හිමි සම්මානය හිමි කර ගෙන ඊයේ (26) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

මෙම සම්මාන උළෙල ජාත්‍යන්තර චිත්‍රපට සහ ගීත ඇගැයීම සදහා පවත්වනු ලබන අතර , මෙම සම්මාන උළෙල ඉකුත් 24 දින ඉන්දියාවේ චෙන්නායි නුවර පවත්වා තිබුණි.

මෙම සම්මාන ලබා ගන්නා අවස්ථාවට මෙම ගීතය රචනා කළ පොතුවිල් අස්මින් සහ මෙම ගීතය සදහා සංගීත‍ය නිර්මාණය කළ සනුක වික්‍රමසිංහ ද එක් වී සිටියා.

මොවුන් ඊයේ (26) දින රාත්‍රී 06.10 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 218 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එසේම වින්දි ගුණතිලකගේ දෙමාපියන් වන රූකාන්ත ගුණතිලක, චන්ද්‍රලේඛා පෙරේරා ද සනුක වික්‍රමසිංහගේ පියා වන සංගීත් වික්‍රමසිංහ ඇතුළු විශාල පිරිසක් මෙම සම්මාන ලබා ගන්නා අවස්ථාවට සහභාගී වීම සදහා ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත ගොස් තිබුණි.

කටුනායක ගුවන් තොටුපොළේ දී ගායිකා වින්දි ගුණතිලක තම “අයියෝ සාමිනේ ” ගීතය ජාත්‍යන්තර ගීත දර්ශක වල ඉහළින්ම ඔසවා තැබීමට ලොව පුරා තම රසිකයන් පළ කර තිබූ මනාප වලට ද ස්තුතිය පළ කිරීමට ද අමතක නොකළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: