hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මැයි 19, පෙ.ව. 12:02



රූකාන්ත ගුණතිලක ගැන නම් ඔබට අමුතුවෙන් හදුන්වලා දෙන්න ඕනේ නැහැ.

ඒකට හේතුව තමයි ඔහු සිය ගායන හැකියාවෙන් රසිකයන් අමන්දානන්දයට පත් කරලා තිබීම.

ඉතින් මේ රූකාන්තගේ ආදරණීය බිරිද තමයි චන්ද්‍රලේකා කියන්නේ.

ඉතින් ඔවුන් දෙදෙනාට දියණියන් දෙදෙනෙක් ඉන්නවා.

එක්කෙනෙක් තමයි රයිනි චාරුකා කියන්නේ.

ඇය නම් මේ වෙනකොට සිය විවාහයෙන් වෙන් වෙලා තනියම ජීවත් වෙනවා කියලා තමයි ආරංචිය.

ඒ කොහොම වුණත්‍ රූකාන්තගේ පොඩි දුව වින්ඩි යුගදිවියට පිවිසුණේ ජනප්‍රිය ගායක සනුක වික්‍රමසිංහ එක්ක.

ගායන ශිල්පි රූකාන්ත ගුණතිලක සහ ඔහුගේ ම අඩිපාරේ යන ආදරණීය දියණිය වින්ඩි ගුණතිලක ඊයේ (17) රාත්‍රියේ සම්මානයට පාත්‍ර වී තිබුණා.

ඒ, ”Business World International Awards USA – 2023” සම්මාන රාත්‍රියේදීයි.

එහිදී, රූකාන්ත ගුණතිලකයන් ”Pride of Sri Lanka (Music)” සම්මානයට හිමිකම් කියූ අතර නව පරපුරේ ජනප්‍රිය ගායන ශිල්පිනියක් ලෙස කාගෙත් ආදරය දිනා සිටින වින්ඩි ගුණතිලක සම්මාන ද්විත්වයකට හිමිකම් කියා තිබුණා.

ඒ, ”Pride of Global (Music) 2022” සහ ”Global Icon (Music) 2023” යන සම්මාන ද්විත්වයටයි.

සිය සමාජ මාධ්‍ය වේදිකාවන් වෙත යමින් ලද සම්මානයේ සතුට රසික රසිකාවියන් සමඟ බෙදාගැනීමටත් ඔවුන් අමතක කර තිබුණේ නෑ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: