hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 මාර්තු 14, පෙ.ව. 12:01



උපතක් කියන්නෙම මරණය කරා යන ගමනේ ආරම්භය.

ඒ බව හොඳින්ම දන්නවා වුණත්, කෙනෙක් සදහටම වෙන්වන මොහොතක් දරාගන්න එක තරම් අමාරු තවත් යමක් මේ මිහිපිට නැති තරම්.

ජීවිතේ නැවුම් බලාපොරොත්තු පොදි බැඳගත්තු, ඉතුරු ජීවිත කාලයම එහෙම් පිටින්ම ඉතුරුව තිබියදී මෙලොවින් සමුගන්න ජීවිත ගැන අහන්න ලැබෙන කතාත් ඕනෑ තරම්.

යෂ්මි නවංජනා… ඇගේ කතාවත් එහෙම එකක්.

වාර්තා වන හැටියට පිළිකා රෝගී තත්ත්වයකින් පසුවූ ඇය සිය ජීවන ගමන නිමා කරන්නේ තමන්ට ආදරේ කළ දහසකුත් දෙනාගේ නෙතඟට කඳුළක් එක්කාසු කරමින්.

යෂ්මිට තිබුණා හරි අපූරු හඬක්.

ඒ නිසාම ඈට ආදරේ කවුරුත් මේ අහිංසකාවිය දැක්කෙ ගීත කෝකිලාවියක් හැටියට.

සදහටම නික්ම ගිය පසුවත් ඈ ගැන මෙහෙම ලියවිලා තිබුණේ ඒකයි.

”සූරියවැව ජාතික පාසලේ අභිමානය

ගායනයෙන් පණ පිහිටවු ආදරණීය ගීත කෝකිලාවියනි සදාතනික නියායට හිස නමමින් මෙසේ ප්‍රාර්ථනා කරන්නෙමු,

මතු කිසිම බවයක මෙවන් අකල් මරනයකට ගොදුරු නොවේවා

ගතින් නිහඬව ගිය අමරණීය ස්වරය යෂ්මි ”

ජීවිතේ නම් එහෙමය.

සියල්ල හැර දා යා යුතු මොහොත කොතනදැයි කිසිවෙක් නොදනී.

නමුදු අප එලෙස නික්ම ගියද ජීවත්ව සිටි කාලයේ ලස්සනම මතකයන්, ආදරණීයන්ගේ හදවත් හි සදාකල් රැඳෙනු ඇත.

”ඔයාට මෙහෙම උනේ කොහොමද කියලා හිතාගන්න බෑ යෂ්මි..

මුලු වෝල් එකම අද ඔයාගේ මේ පොටෝ එකෙන් පිරිලා

අජරාමර නිවන් සුව ලැබේවා යෂ්මි යලි කිසිම ආත්මයක මෙවන් අකල් මරණයක් නොවේවා මෙවන් කිසිදු ලෙඩක් නොවේවා ”

(උපුටා ගැනීමකි)





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: