2026 ජූනි 11, ප.ව. 4:28
කොලිවුඩ් සිනමාවට ආදරය කරන, නැත්නම් දමිළ සිනමාපට එකක් හරි බලලා තියෙන කෙනෙක්ට “යෝගී බාබු” කියන නම අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕනේ නැහැනේ.
තමන්ගේ සුවිශේෂී කොණ්ඩ මෝස්තරයයි, බැලූ බැල්මට හිනා යන රංගන විලාසයයි නිසාම මුළු ඉන්දියාවම තමන්ගේ රසිකයෝ කරගන්න මේ අපූරු නළුවා සමත් වුණා.
සිනමා ක්ෂේත්‍රයෙන් ලැබෙන අලුත්ම ආරංචි මාර්ග වලට අනුව, මේ සුපිරි හාස්‍යෝත්පාදක තරුව දැන් ඉන්නේ අපේ ශ්‍රී ලංකාවේ!
ඔව්, ඔබ නිවැරදියි! කොලිවුඩයේ බ්ලොක්බස්ටර් සිනමාපට රැසක ප්‍රධාන මෙන්ම කැපී පෙනෙන චරිත නිරූපණය කරමින් ලෝකයේම ආකර්ෂණය දිනාගත් යෝගී බාබු ලංකාවට පැමිණ තිබෙන්නේ විශේෂ රාජකාරියකටයි.
ඒ ඔහුගේ නවතම දමිළ සිනමාපටයේ රූගත කිරීම් කටයුතු සඳහායි.
විශේෂ ආරංචි මාර්ග පවසන පරිදි, මෙම දැවැන්ත සිනමා නිෂ්පාදනයේ රූගත කිරීම් සඳහා ලංකාවේ සුන්දර ස්ථාන රැසක් යොදා ගැනීමට නියමිතයි.
සුපිරි නළු රජිනිකාන්ත්ගේ ‘ජේලර්’ , ‘දර්බාර්’ වගේම දලපති විජේ, අජිත් වැනි කොලිවුඩයේ දැවැන්තයින් සමඟ කරට කර රංගනයෙන් දායක වූ යෝගී බාබු, තමන්ගේ රංගන ජීවිතයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස මෙම ලංකාවේ කෙරෙන නිර්මාණය හඳුන්වන්න පුළුවන්.
ලංකාවේ රසිකයින්ටත් තමන්ගේ ආදරණීය ඉන්දීය තරුව මෙරටදී දැකබලා ගැනීමට මේ හරහා අවස්ථාව උදාවන බව නොඅනුමානයි.
රූගත කිරීම් සිදුවන ස්ථාන සහ මෙම චිත්‍රපටයේ අනෙකුත් නළු නිළියන් කවුද යන්න පිළිබඳව තවමත් නිල තොරතුරු හෙළි කර නැතත්, ඉදිරි දින කිහිපය තුළ තවත් උණුසුම් තොරතුරු රැසක් වාර්තා වීමට නියමිතයි.
2026 ජූනි 11, පෙ.ව. 12:32
2026 ජූනි 11, පෙ.ව. 12:06
2026 ජූනි 10, පෙ.ව. 12:09
2026 ජූනි 09, පෙ.ව. 12:04
2026 ජූනි 08, පෙ.ව. 12:17
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
11-06-26
11-06-26
11-06-26
11-06-26
11-06-26
11-06-26
11-06-26
11-06-26
11-06-26
11-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26