hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2024 පෙබරවාරි 26, පෙ.ව. 12:06



හිමාලය ආශ්‍රිතව හිම වැටෙන අධික ශීතලේ කිසිදු උඩුකය ආවරණයක් නොමැතිව බවුන් වඩන යෝගීවරයෙකුගේ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල ශීඝ්‍රයෙන් සංසරණය වෙමින් පවතිනවා.

බොහෝ දෙනා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සදහන් කොට තිබුණේ AI තාක්ෂණය ඔස්සේ මෙය නිර්මාණය කොට ඇති බවයි.

නමුත් ඉන්දීය මාධ්‍ය මේ පිළිබද විමර්ශනයක් කොට වාර්තා කොට ඇත්තේ අදාළ වීඩියෝව සත්‍ය එකක් බවත්, එහි සිටින්නේ හිමාලය ප්‍රදේශයේ වසර 20ක කාලයක් පමණ බවුන් වඩන සත්යේන්ද්‍ර යෝගිතුමා බවත්ය.

උන්වහන්සේගේ ගෝලයකු විසින් එය පටිගත කොට ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කොට ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: