hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 මාර්තු 22, පෙ.ව. 10:05



“මැණිකේ මගේ හිතේ” කියන එකම එක ගීතයෙන් ලෝකයක් හෙල්ලූ යොහානි ද සිල්වා කියන්නෙ සමාජ මාධ්‍යයෙත් කලින් කලට කතාබහට ලක්වන චරිතයක්.

මෑතක දී පිරිමි ලිංගික අවයවයක් ගැන ගීතයකින් ගැයූ වරදට යොහානිට බොහෝ පාර්ශවයන් ගෙන් දැඩි දෝෂාරෝපන එල්ල වුණා. ඒ පිරිස් අතර ප්‍රවීණයන්ද සිටි බව නොරහසක් නොවේ.

යොහානිගේ ඉන්දීය සංචාරය පවා විවේචනය කරපු ඇගේ දක්ෂතාවය පවා හෑල්ලූ කරපු පිරිස් ද නොහිටියා නොවේ.

මැණිකේ මුල් අයිතිකරු නොකියා කියන ඇතැම් ප්‍රකාශ නිසාත් ප්‍රේක්ෂකයින් යොහානි එක්කලා කෝප ගත්තා.

ඇගේ ගීතයට ආදරය කරන අය ගොඩක් ඉන්නවා වගේම තම‍යි, ඇගේ ගීතවලට එක එක විදිහේ විවේචන එල්ල කරන අයත් ඉන්නවා.

ඒත් ඉතින් ඒ හැමෝම යොහානිගේ ගීත අහනවා.

ඒක තමයි ඇත්තම කතාව. ඇත්තටම ඇය කවුද?

මේ පොඩි කාලය ඇතුළේ සංගීත ක්ෂේත්‍රයේ ලොකු වැඩ කොටසක් කරපු ශිල්පිනියක් කියලා ඇයව හැඳුන්වාදුන්නට නම් වරදක් නැහැ.

මෙන්න ඒ “කෙල්ල” අද තවත් අලුත් වැඩකට මුල පුරනවා.

සුපුරුදු විදිහටම ඒකත් යොහානිට ආදරය කරන බොහෝ දෙනෙන් වැළඳගනීවි.

කොහොම වුණත්, ඇගේ මේ අලුත් වැඩේ එක්ක යොහානි ගොඩක් කළබලයෙන් වගේ.

ඇත්තටම ඇය මේ කරන්න යන අලුත්ම වැඩේට එකතු කරගෙන තියෙන්නේ විදෙස් සංගීත ශිල්පියෙන් වෙන Edward Maya සමඟයි.

ඉතින් මේ ගැන යොහානිය ආදරය කරන හැමෝටම කියන්න යොහානි අමතක කරලා නැහැ.






ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: