hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 17, පෙ.ව. 12:02



 2024 ICC T20 ලෝක කුසලානයේ නිල තේමා ගීතය එළි දක්වා තිබෙනවා.

ලෝක ප්‍රසිද්ධ Sean Paul , Kes විසින් ගැම්මට ගයන ඊට ලාංකීය අභිමානයත් එක්කාසු කරමින් යොහානි Remix එකක් කරලා තිබුණා.

කණ්ඩායමේ උත්සාහය, ජාතියේ අභිමානය එක්ක ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ආඩම්බරකම ගෝලීය තලයට ගෙන ඒමයි මෙම සහයෝගීතාවයේ අරමුණ.

ක්‍රිකට් ජය පැරදුම කෙසේවෙතත් ජාත්‍යන්තර වේදිකාවක ශ්‍රී ලංකාව නියෝජනය කිරීම ගැන යොහානි වෙනුවෙන් නම් අපිට හදවතින්ම සතුටු වෙන්න පුළුවන්.

කොහොම නමුත් ගීතය නිකුත් වූ පසු යොහානි සිය කණගාටුවත් එක්කම මෙයාකාරයෙන් සටහනක් ද තබා තිබුණා.

”Sean Paul සහ Kes සමඟ එක්ව ICC T20 ලෝක කුසලාන නිල ගීතයේ මගේ රීමික්ස් එක දැන් නිකුත් කර ඇත.

අපේ කොල්ලොන්ට සහය වීමට මෙම ගීතය සහ වීඩියෝව පටිගත කිරීමට මම ඉතා උනන්දුවෙන් සිටියෙමි.

නමුත් අපි තවදුරටත් තරඟාවලියේ නොමැති වීම ගැන මම කණගාටු වෙනවා.

ඊළඟ වතාවේ අපට වඩා හොඳ වාසනාවක් ලැබෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි…”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: