hit counter

2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 04, පෙ.ව. 9:19



ස්විට්සර්ලන්තයේ පැවති රෙසිස්ප්‍රින්ට් ජාත්‍යන්තර තරඟයේ මීටර් 100 තරඟ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට යුපුන් අබේකෝන් සමත් වුණා.

එහිදී තප්පර 9.96 කින් ඔහු තරඟය අවසන් කිරීම විශේෂත්වයක්.

ඒ අනුව යුපුන් අබේකෝන් නැවත වරක් මීටර් 100 ශ්‍රී ලංකා වාර්තාව සහ දකුණු ආසියානු වාර්තාව අලුත් කර ඇති අතර පිරිමි මීටර් 100 ඉසව්ව තත්පර 10ට අඩුවෙන් නිම කළ පළමු ශ්‍රී ලාංකික සහ දකුණු ආසියානු කෙටිදුර ධාවකයා වන්නේ යුපුන්.

තරගය අවසන් වූ පසු යුපුන් අබේකෝන් සිය මුහුණුපොතේ වීඩියෝවක් නිකුත් කරමින් සඳහන් කළේ ජයග්‍රහණ⁣යේ අයිතිය තමාට හා තම කණ්ඩායමට අයිති දෙයක් බවත්, ලංකාවේ කවුරුත් මෙම ජයග්‍රහණය සඳහා උදව් නොකළ බවයි.