hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 දෙසැම්‍බර් 30, පෙ.ව. 12:04



යුරේනි නොෂිකා යනු විටින් විට රට තුළ විවිධාකාරයෙන් කතාබහට ලක්වන චරිතයක්.

විටෙක ඇය කළ ප්‍රකාශයක් ආන්දෝලනාත්මක වෙද්දී ඇතැම් විටෙක ඇය පළ කරන ඡායාරූප සමාජ ජාල ආදියෙහි දැඩි අවධානයට ලක්වෙනවා.

කෙසේ වෙතත් යුරේනිගේ ප්‍රකාශ, ඡායාරූප ආදියට බහුතරයක්ම ලැබෙන්නේ විවේචන බවත් කිව යුතුයි.

යුරේනි පිළිබඳව යළිත් බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත්තේ ඇය විසින් තම ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් පිටු තුළ පළ කොට ඇති ඡායාරූප කිහිපයක් නිසා.

සුපුරුදු පරිදිම ඇයට ලැබී ඇති ප්‍රතිචාර අතුරින් බහුතරය ඇයව විවේචනය කරන ඒවා යි.

නයිට් රයිඩර් චිත්‍රපට කතාව ඇතුළේ ඇය ආන්දෝලනාත්මක චරිතයක් නිරූපණය කරනවා.

කොහොම වුණත් අදාළ ලිංගික දර්ශනය රූගත කරන මොහොතේ අත්දැකීම් ගැන, යුරේනි පුවත්පතට මෙසේ සඳහන් කර තිබෙනවා.

‘මේ දර්ශනය මම දන්නවා ඔබ්බවපු එකක් නෙමෙයි කියලා. චරිතය සමඟ ගලාගෙන යන එකක්. මම ඒ දර්ශනය කරන්න බැහැ කියලා කිව්වේ නැහැ. නමුත් මගේ අදහස තිබුණේ කොහොමද මේක රූගත කරන්නේ, මොන කෝණයෙන්ද රූගත කරන්නේ. කවුද රූගත කිරීම් කරනකොට ඉන්නේ කියලා. අධ්‍යක්‍ෂවරයාට සහ කැමරා අධ්‍යක්‍ෂවරයාට විතරයි ඉන්න මගේ අවසරය තිබුණේ. මම කිසිම කෙනකුට ඒ දර්ශන තලයේ ඉන්න අවසර දුන්නේ නැහැ. චරිතයට අවශ්‍ය සාධාරණය ඉෂ්ට කලා කියලයි මට නම් හිතෙන්නේ.’





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: