2024 මැයි 03, ප.ව. 1:26
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මුහුදු රළ උස ප්‍රමාණය ඉහළ යාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඇම්බර් වර්ණයෙන් යුතු එම නිවේදනයේ දැක්වෙන්නේ කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහන් මෙම නිවේදනය අදාළ වන බවයි.
ඒ අනුව එහි දැක්වෙන්නේ එම මුහුදු ප්‍රදේශවල රළ උස මීටර් 2.5ත් මීටර් 3.0ක් පමණ සහ තරංග කාලය තත්පර 12-16 පමණ දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බවයි.
මේ හේතුවෙන් කල්පිටිය එම මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බව එම නිවේදනයේ දැක්වෙයි.
එසේම එම වෙරළතීරයන්ට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළුවිය හැකි බවද එහි දැක්වෙයි.
මෙම තත්ත්වය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ධීවර සහ නාවික ප්‍රජාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙසට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටී.
ඊට අදාළ සිතියමක් පහතින්,

2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05
03-06-26
03-06-26
31-05-26
31-05-26
31-05-26
31-05-26
25-05-26
25-05-26
25-05-26
25-05-26
22-05-26
22-05-26
21-05-26
21-05-26
21-05-26
21-05-26
21-05-26
21-05-26
20-05-26
20-05-26
19-05-26
19-05-26
18-05-26
18-05-26