hit counter

2024 ජූනි මස 18 වන අඟහරුවාදා

2024 ජූනි 06, ප.ව. 12:02


සිරිසේන ජූඩ් ජයමහට දුන් ජනාධිපති සමාවත් ශ්‍රේෂ්ඨාධිකරණය අහෝසි කරයි

රාජගිරිය, රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් සමන්ත ජයමහ නැමැති විත්තිකරුට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඔහුගේ පාලන සමයේදී ගත් තීරණය එවකට සමාජය තුළ මහත් ආන්දෝලනයකට තුඩු දුන් සිදුවීමක් විය.

එම ජනාධිපති සමාවට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක් සලකාබැලීමෙන් අනතුරුව එම හිටපු ජනපතිවරයාගේ ක්‍රියාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා විසින් අදාළ විත්තිකරු නිදහස් කරමින් දුන් ජනාධිපති සමාව බලරහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් නිකුත් කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: