hit counter

2024 ජූනි මස 28 වන සිකුරාදා

2024 ජූනි 25, පෙ.ව. 8:05


ලක්ෂ 10 සිද්ධියෙන් සන්නස්ගල නිදහස්

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා කඳාන ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබා ගෙන එම මුදල ලබා නොදී විශ්වාසය කඩ කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් උපුල් ශාන්ත සන්නස්ගලට එරෙහිව කඳාන පොලීසිය කෙම්පත් කළ චෝදනා ඉදිරිපත් කිරීම ප්‍රතික්ෂේප කළ වැලිසර මහේස්ත්‍රාත්වරයා අදාල චෝදනාවන්ගෙන් සන්නස්ගල මුදා හැරීමට ඊයේ (24) නියම කර තිබෙනවා.

තමාගෙන් ලබා ගත් රුපියල් ලක්ෂ 10ක මුදල උපුල් ශාන්ත සන්නස්ගල ගෙවා අවසන් කළ බවත් නඩුවක් ගෙන යාමට තමන්ට අවශ්‍යතාවක් නැති බවත් පැමිණිලිකරු කළ දැනුම්දීමක් සැළකිල්ලට ගනිමින් එලෙස නියම කල මහේස්ත්‍රාත්වරයා වරදක් සංස්ථාපනය නොවන අවස්තාවකදී පුද්ගලයන්ට එරෙහිව චෝදනා කෙටුම්පත් කරන්නේ කෙසේදැයි කඳාන පොලීසියෙන් ප්‍රශ්න කරනු ලැබුවා.

සිද්ධිය සම්බන්ධයෙන් වූ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදි උපුල් ශාන්ත සන්නස්ගල අධිකරණය ඉදිරියේ පෙනී සිටි අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා විසින් කරුණු දක්වමින් අදාල මුදල් තම සේවාදායකයා විසින් මාර්ගගත ක්‍රමය ඔස්සේ පැමිණිලිකරුට ගෙවා ඇතැයි කියමින් ගෙවූ රිසිට් පත් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ අවස්ථාවේදී සිද්ධියේ පැමිණිලිකාර පාර්ශවය උසාවිය හමුවට කැඳවූ මහේස්ත්‍රාත්වරයා නඩුවට පාදක වූ මුදල් සැකකරු විසින් ගෙවා අවසන්ද යන්න කළ විමසීමකදි එම මුදල් ගෙවා අවසන් බවත් තමන්ට නඩු කීමට අවශ්‍යතාවක් නැති බවත් පොලීසියි විසින් දැනුම් නොදීම නිසා පසුගිය දිනයේ අධිකරණයට පැමිණීමට තමන්ට නොහැකි වූ බවත් මෙම නඩුව අවසන් කර දෙන්නැයිද ඉල්ලා සිටියා.

ඒ අනුව සැකකරුට එරෙහිව චෝදනාවක් කෙටුම්පත් කිරීමට ප්‍රමාණවත් කරුනු නැති බව පෙන්වා දෙමින් කඳාන පොලීසිය විසින් කෙටුම්පත් කළ චෝදනාවට සැකකරුට කියවාදීම අපරාධ නඩු විධාන සංග්‍රහයේ 182 වැනි වගන්තිය යටතේ ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා වරදක් සංස්ථාපනය නොවන අවස්ථාවකදී පුද්ගලයින්ට එරෙහිව චෝදනා කෙටුම්පත් කරන්නේ කෙසේදැයි පොලීසියෙන් ප්‍රශ්න කරනු ලැබුවා.

සියළු කරුණු සලකා බැලීමෙන් අනතුරුව කෙටුම්පත් කළ සියලු චෝදනාවන්ගෙන් සන්නස්ගල මුදා හැරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලද්දේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: