hit counter

2024 මැයි මස 07 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 27, ප.ව. 5:18


විමල්ගේ නඩුවට අද ලැබුණු නියෝගය

රුපියල් මිලියන 75කට ආසන්න මුදල් හා දේපළවල හිමිකාරිත්වය දැරිමේ චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන නොවැම්බර් 8 වැනිදා දක්වා කල් දමා තිබෙනවා.

ඒ, එම නඩුව අද (27) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

එහි දී විත්තිකාර විමල් වීරවංශ මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටි බවයි වාර්තා වන්නේ.

ඔහු අසනීප තත්ත්වයෙන් පසුවන බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළ බව සඳහන්.

ඒ අනුව නඩු විභාගය කල් තැබීමට නියෝග කළ විනිසුරුවරයා එදිනට විත්තිකරුගේ අසනීප තත්ත්වය පිළිබද වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළ බවයි අප අධිකරණ වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: