hit counter

2025 සැප්‍තැම්‍බර් මස 16 වන අඟහරුවාදා

2024 මාර්තු 11, පෙ.ව. 11:35



තොග වෙළෙඳපොළේ ලොකු ළූණු කිලෝවක රුපියල් 580-600ක් දක්වා ඊයේ (මාර්තු 10) දින වන විට මිල ඉහළ ගොස් ඇති අතර සිල්ලර මිල රුපියල් 700ක් වූ බවයි වාර්තා වුණේ.

ආනයනකරුවන් පවසන්නේ, ලොකු ළූණු ආනයනය සඳහා රජය වහා මැදිහත්වී ඉන්දියාවෙන් රාජ්‍යතාන්ත්‍රික ඉල්ලීමක් නොකළහොත් පාරිභෝගිකයන්ට ඉදිරියේදී ලොකු ළූණු කිලෝවක් රුපියල් 1,000ක් වැනි ඉහළ මිලකට ගැනීමට සිදු විය හැකි බවයි.

ඉදිරි දින දෙකක් හෝ උපරිම දින තුනක් සඳහා පමණක් ආනයනික ලොකු ළූණු තොග තිබෙන බවත් ඊට හේතුව පාකිස්තානය සිය අපනයන සීමා දැඩි කිරීම හේතුවෙන් බවත් කොළඹ ලොකු ළූණු ආනයනකරුවන් පෙන්වා දෙනවා.   





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: