hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 මැයි 24, ප.ව. 12:56



ඉදිරියේ දී සිදුකිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් අද (24) පාර්ලිමේන්තුවේදී කරුණු ඉදිරිපත් කළා.

ඒ අනුව අඩුම පරිභෝජනය සිදුකරන පුද්ගලයින්ට එම ප්‍රතිලාභ ලැබෙන පරිද නව ගාස්තු වෙනස් කරන ලෙස දැනුම් දී ඇති බවත් හෝටල් ක්ෂේත්‍රයේ පිරිස කර්මාන්ත ගණයට ඇතුලත් කරන ලෙස ඉල්ලා තිබෙන බවත් එම කරුණු සැලකිල්ලට ගෙන සංශෝධනය සකස් කර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ඒ අනුව ඒකක 0 – 30 දක්වා කාණ්ඩය වෙනුවෙන් දැනට පවතින ඒකකය මිල රුපියල් 5කින් අඩුකර තිබෙනවා.

එම කාණ්ඩය සඳහා ඒකකය නව මිල රුපියල් 25ක් කිරීමට නව සංශෝධනයෙන් යෝජනා කර තිබෙන බවත් මේ අතර ස්ථාවර ගාස්තුව රු 400ක සිට රුපියල් 250 දක්වා අඩුකිරීමට යෝජනා කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ අනුව පළමු කාණ්ඩයට අවමය 23%ක සහනයක් විදුලිබිල සඳහා ලබා දී ඇති බව පැවසු අමාත්‍යවරයා, එම සහනය ලබාගන්නා පවුල් 1,744,000ක් සිටින බවත් කියා සිටියා.

එමෙන්ම ඒකක 31 – 60 දක්වා විදුලිබිල 9%කින් අඩුවන බවත් ඒකක 0 – 60 දක්වා 7%කින් අඩුවන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

ඒකක 0 – 30 දක්වා පාවිච්චි කරන ආගමික සිද්ධස්ථාන 15,646ක් සඳහා ජූලි මාසයේ විදුලිබිල 23%කින් අඩුවීමට නියමිත බව ද ඒකක 31 – 60ත් අතර පාවිච්චි කරන ආගමික සිද්ධස්ථාන 10,692ක් සඳහා විදුලිබිල 7%කින් පහත දැමීමට යෝජනා කර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළා.

හෝටල් කාණ්ඩය සඳහා 29% – 40% අතර විදුලිබිල අඩු කිරීමක් සිදුකිරීමට යෝජනා කර ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: