hit counter

2026 අගෝස්‍තු මස 23 වන ඉරිදා

2026 අගෝස්‍තු 24, පෙ.ව. 12:13



ශාරීරික සීමාවන් නොතකා උසස් අධ්‍යාපනයේ නිරත වන රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සිසු සිසුවියන් උදෙසා ජනාධිපති අරමුදල මඟින් ක්‍රියාත්මක කරනු ලබන “සරසවි දිරියෝ අභිමන්” ශිෂ්‍යාධාර වැඩසටහනේ දෙවන අදියර අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙම විශේෂ වැඩසටහන යටතේ දිවයින පුරා රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන සුදුසුකම් ලත් ආබාධ සහිත සමස්ත සිසුන් 400 කට ආසන්න සංඛ්‍යාවක් වෙනුවෙන් එක් සිසුවෙකුට රුපියල් ලක්ෂය (රු. 100,000) බැගින් වූ එක්වරක් පිරිනමන මුල්‍ය ශිෂ්‍යාධාර පිරිනමනු ලබයි.

මෙහිදී යාපනය, වව්නියාව සහ පේරාදෙණිය යන විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සිසුන් 76 දෙනෙකු වෙනුවෙන් අග්‍රාමාත්‍යවරිය විසින් සෘජුවම අදාළ ශිෂ්‍යාධාර පිරිනමන ලදී.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ ආබාධ සහිත සිසුන්ට මෙලෙස ශිෂ්‍යාධාර පිරිනැමීම මඟින් එම ප්‍රජාව ද සමාජයේ අත්‍යවශ්‍ය සහ වටිනා කොටස්කරුවන් බව තහවුරු කිරීම රජයේ අරමුණ බවයි.

මෙම අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම්, යාපනය දිස්ත්‍රික් ලේකම් එම්. පිරතීපන් යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: