2026 අගෝස්තු 22, පෙ.ව. 12:21
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති පවසන්නේ ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්රය තුළ රැකියා පුරප්පාඩු 400,000ක් පමණ ඉතිරිව තිබියදීත්, රට තුළ තවමත් රැකියා විරහිතභාවයක් පවතින බවයි..
කර්මාන්ත ක්ෂේත්රයට අවශ්‍ය අත්‍යවශ්‍ය තාක්ෂණික විශේෂඥයන්ගේ හිඟයක් පවතින බවත්, එය වර්තමානයේ කාර්මික වර්ධනයට විශාල ගැටළුවක් වී ඇති බවත් ඔහු මාධ්‍ය හමුවක් අමතමින් පවසා සිටියේය.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ශ්‍රම බලකා සමීක්ෂණයට අනුව, 2026 වසරේ පළමු කාතුවේදී රටේ රැකියා විරහිත අනුපාතය 3.7%ක් ලෙස සටහන් වී ඇති අතර, ශ්‍රම බලකායට සහභාගී වීමේ අනුපාතය 49.2%ක් වී තිබේ.
කර්මාන්තශාලා සහ සේවා සපයන්නන් සොයා ගැනීමට දරන උත්සාහයේදී පවතින පුරප්පාඩු සඳහා සුදුසුකම් ලත් සේවකයන් සොයා ගැනීම දුෂ්කර වී ඇත්තේ පවතින රැකියා වෙළඳපළේ කුසලතා සහ කර්මාන්තවල සැබෑ අවශ්‍යතා අතර විශාල පරතරයක් පවතින නිසා බවත් මෙම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා විදේශයන සේවකයන් ගෙන්වීමට වඩා රට තුළම අවශ්‍යතා සපුරා ගැනීමට ප්‍රමුඛත්වය ලබා දෙන බව අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේය.
ඒ අනුව, වෘත්තීය පුහුණු අංශ සහ විශ්වවිද්‍යාල සමඟ සාකච්ඡා පවත්වමින්, සාමාන්‍ය පාඨමාලා වෙනුවට කර්මාන්තවල නිශ්චිත අවශ්‍යතාවලට ගැලපෙන පරිදි පුහුණු වැඩසටහන් සකස් කිරීමට මේ වන විටත් කටයුතු කරමින් පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
2026 ඔක්තෝබර් 06, පෙ.ව. 11:40
2026 ඔක්තෝබර් 06, පෙ.ව. 10:15
2026 ඔක්තෝබර් 06, පෙ.ව. 8:41
2026 ඔක්තෝබර් 06, පෙ.ව. 8:38
2026 ඔක්තෝබර් 06, පෙ.ව. 12:18
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
04-10-26
04-10-26
03-10-26
03-10-26
03-10-26
03-10-26