2024 අප්‍රේල් 16, ප.ව. 1:20
නිෂ්පාදන කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (PMI – නිෂ්පාදන) 2024 මාර්තු මාසයේදී 62.5ක දර්ශක අගයක් වාර්තා කළ අතර එය නිෂ්පාදන ක්‍රියාකාරකම්වල ප්‍රසාරණයක් පෙන්නුම් කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුවට (CBSL) අනුව මෙය වසර තුනකින් වාර්තා වූ ඉහළම PMI-නිෂ්පාදනය සනිටුහන් කරයි.
ප්‍රධාන වශයෙන් සෘතුමය ඉල්ලුම මත මෙම වැඩිවීමට දායක වෙමින් සියලුම උප දර්ශක මාසික පදනමින් පුළුල් විය.
නව ඇණවුම් සහ නිෂ්පාදනයේ වැඩිවීමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ආහාර පාන නිෂ්පාදනය සහ රෙදිපිළි සහ ඇඟලුම් අංශයන්ය.
බොහෝ නිෂ්පාදකයින්, විශේෂයෙන් ආහාර සහ පාන අංශයේ, එළඹෙන උත්සව සමය පිළිබඳව සුබවාදීව සිටින බව බැංකුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
නව ඇණවුම් සහ නිෂ්පාදනයට අනුකූලව මාසය තුළ සේවා නියුක්තිය සහ මිලදී ගැනීම් තොග ඉහළ ගොස් ඇති බව මහ බැංකුව වැඩිදුරටත් පැවසීය.
මිල මට්ටම්වල අඩුවීමක් ද පැහැදිලිව පෙනෙන බව පවසමින් CBSL වැඩිදුරටත් සඳහන් කළේ, සැපයුම්කරුවන්ගේ බෙදාහැරීමේ කාලය දිගු වූ නමුත් මාර්තු මාසයේ දී මන්දගාමී අනුපාතයකින් පැවති බවයි.
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
2026 ජනවාරි 29, ප.ව. 3:35
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26