hit counter

2026 ජූනි මස 16 වන අඟහරුවාදා

2026 ජූනි 17, පෙ.ව. 12:10



එළැඹෙන 20 වැනිදා සිට ආසන පටි නීතිය බලාත්මක කරන බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව පවසනවා.

අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලු වාහනවල ආසන පටි පැළඳීම අනිවාර්ය බවයි එහි සභාපති මංජුල කුලරත්න මහතා සඳහන් කරන්නේ.

රථවාහනවල ඉදිරිපස මෙන්ම පසුපස ගමන් ගන්නා මගීන්ට ද ආසන පටි පැළඳවීම අනිවාර්ය කිරීමට රජය පියවර ගෙන තිබෙන අතර එම නීතිය ක්‍රියාත්මක කිරීමට සහන කාලයක් ලබා දී තිබුණා.

එම කාලය ලබන 19 වැනිදායින් අවසන්.

ඒ අනුව ජුනි මස 20 වන දින සිට මෙම නීතිය අනිවාර්යයෙන් ක්‍රියාත්මක කරන බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: