2026 ජූනි 17, පෙ.ව. 9:39
භාවිත කළ වාහන සඳහා රේගු වටිනාකම තීරණය කිරීමේදී මෙතෙක් ලබාදුන් සියයට 15 ක වටිනාකම් අඩු කිරීමේ සහනය (Valuation Reduction) ඉවත් කිරීමට පියවර ගැනීම හේතුවෙන්, ඉදිරියේදී ආනයනික භාවිත කළ වාහනවල මිල ගණන් සීග්‍රයෙන් ඉහළ යා හැකි බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (VIASL) අනතුරු අඟවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම සංගමයේ උප සභාපති සහ මාධ්‍ය ප්‍රකාශක අරෝෂ රොද්‍රිගෝ මහතා සඳහන් කළේ, මෙම තීරණය හේතුවෙන් සමස්ත වාහන වෙළෙඳපොළටම දැඩි බලපෑමක් එල්ල වනු ඇති බවත්, මෙරට ජනප්‍රිය වාහන මාදිලි රැසක මිල ගණන් විශාල වශයෙන් ඉහළ යනු ඇති බවත්ය. ඒ අනුව, වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් පවතින ‘Honda Vezel Z Play SUV’ රථයක මිල රුපියල් මිලියන 2 කින් (ලක්ෂ 20 කින්) පමණ සහ ‘Suzuki Wagon R’ රථයක මිල රුපියල් 700,000 කින් පමණ ඉහළ යා හැකි බව ඔහු පෙන්වා දුන්නේය.
ආනයනික භාවිත කළ වාහන සඳහා රේගු වටිනාකම් ගණනය කිරීමේ ක්‍රමවේදයට සිදු කර ඇති වෙනස්කම් මෙම මිල ඉහළ යාමට සෘජුවම හේතු වී ඇති බව රොද්‍රිගෝ මහතා පැවසීය. මේ පිළිබඳව වැඩිදුරටත් පැහැදිලි කළ සංගමයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ, 2016 ජූනි 14 දිනැති අංක 1971/10 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් මෝටර් රථ වාහනවල රේගු වටිනාකම තීරණය කිරීම සඳහා එකිනෙකට වෙනස් ක්‍රමවේද දෙකක් හඳුන්වා දී ඇති බවයි. එහි 1(A) වගන්තිය Brand-new වාහන සඳහා ද, 1(B) වගන්තිය භාවිත කළ වාහන ඇතුළු අනෙකුත් සියලුම වාහන සඳහා ද අදාළ වේ.
විදේශයන්හි ප්‍රථම වරට ලියාපදිංචි කර, පසුව ආනයන රෙගුලාසිවලට අනුකූලව භාවිත කළ වාහන ලෙස මෙරටට ගෙන්වන වාහන සඳහා මෙම සියයට 15 ක සහනය හිමිවන බවත්, එමඟින් රජයට බදු ආදායම් අහිමි වන බවත් පවසමින් විවිධ පාර්ශ්ව නගන චෝදනා සාවද්‍ය බව සංගමය පවසයි. එවැනි ප්‍රකාශ මඟින් රේගු වටිනාකම් ගණනය කරනු ලබන මූලික පදනම නොසලකා හැර ඇති බව සංගමය අවධාරණය කරයි.
සංගමය පෙන්වා දෙන්නේ මෙම සියයට 15 ක අඩු කිරීම, වාහන නිෂ්පාදකයින් ප්‍රසිද්ධියට පත් කරන සිල්ලර මිල වෙනුවට, වාහන මිලදී ගන්නා සැබෑ ගනුදෙනු වටිනාකම නිවැරදිව පිළිබිඹු කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් හඳුන්වා දුන් ක්‍රමවේදයක් බවයි.
මහා පරිමාණ බෙදාහරින්නන්ට සහ අපනයනකරුවන්ට ලැබෙන තොග මිලදී ගැනීමේ වට්ටම් සිල්ලර මිලට ඇතුළත් කර ඇති අලෙවි නියෝජිත ලාභාංශ , දේශීය බදු සහ පොදු පිරිවැය මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳාමේදී සිදුවන මිල සාකච්ඡා කිරීම් හේතුවෙන් ප්‍රකාශිත සිල්ලර මිල සහ සැබෑ මිලදී ගැනීමේ මිල අතර වෙනසක් පවතින බව මුදල් අමාත්‍යාංශය පිළිගෙන තිබූ බව ඔවුහු පවසති.
එබැවින්, මෙම සියයට 15 ක සංශෝධනය විශේෂ වරප්‍රසාදයක් හෝ සහනයක් නොවන අතර, එය වෙළෙඳපොළේ සැබෑ තත්ත්වය සැලකිල්ලට ගනිමින් ආනයනකරුවන් වැය කරන සැබෑ පිරිවැය සමඟ රේගු වටිනාකම සමපාත කිරීම සඳහා සකස් කරන ලද තාක්ෂණික ක්‍රමවේදයක් පමණක් බව සංගමය අවධාරණය කර සිටියි.
මෙම වටිනාකම් අඩු කිරීමේ සහනය ඉවත් කිරීමේ බරපතළ ප්‍රතිඵල පිළිබඳව අනතුරු අඟවන වාහන ආනයනකරුවන්ගේ සංගමය, රේගු වටිනාකම ඉහළ යාම මත ආනයන බදු ද ඉහළ යන බැවින් එහි සමස්ත බර අවසානයේ පාරිභෝගිකයා මත පැටවෙන බව පවසයි.
මෙමඟින් සාමාන්‍ය ජනතාවට වාහනයක් මිලදී ගැනීමට ඇති හැකියාව දැඩි ලෙස සීමා වන අතර, මෙරට බිඳ වැටී ඇති වාහන ආනයන ක්ෂේත්‍රය නැවත ගොඩනැඟීමට ද එය දැඩි බාධාවක් වනු ඇත. එබැවින් මෙම තීරණය පිළිබඳව නැවත කාරුණිකව සමාලෝචනය කරන ලෙස සංගමය වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
2026 ජූනි 17, පෙ.ව. 11:22
2026 ජූනි 17, පෙ.ව. 10:42
2026 ජූනි 17, පෙ.ව. 10:35
2026 ජූනි 17, පෙ.ව. 9:53
2026 ජූනි 17, පෙ.ව. 9:49
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
15-06-26
15-06-26
15-06-26
15-06-26
15-06-26
15-06-26
14-06-26
14-06-26