2026 ජූනි 16, ප.ව. 4:30
බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ අදියර III ක්‍රියාත්මක කිරීම සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය නිසා බලපෑමට ලක් වන අනවසර පදිංචිකරුවන් නැවත පදිංචි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ අදියර III ක්‍රියාත්මක කිරීම සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය හේතුවෙන් අවතැන් වන අනවසර පවුල් සඳහා නිවාස ලබා දීම පිණිස තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම්ගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කර තිබේ.
එම කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ මත පදනම්ව, අවතැන් පවුල් ඒකක 29 ක් සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක ‘ සරසවි උයන’ නිවාස යෝජනා ක්‍රමයෙන් මේ වන විට නිවාස ලබා දී ඇත.
අහිමි වන නිවසේ වර්ග ප්‍රමාණය ලබා දීමට නියමිත නිවසේ වර්ග ප්‍රමාණයට වඩා වැඩි වීම, ඉඩම් අත් කර ගන්නා අවස්ථාවේ එකම ගෘහය තුළ අනු පවුල් කිහිපයක් ජීවත් වීම, විශේෂ අවශ්‍යතා සහිත අවිවාහක අය සිටීම වැනි පරීක්ෂණ වලදී ඉදිරිපත් වූ විශේෂ තත්ත්වයන් හා කරුණු සලකා බලා එම පවුල් ඒකක 29ට අමතරව අවතැන් වන තවත් පදිංචිකරුවන් 08 දෙනෙකු වෙත නිවාස ලබා දීම එකී කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇත.
එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2026 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 11:02
2026 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 10:14
2026 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 10:06
2026 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 9:48
2026 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 12:35
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26