hit counter

2026 ජනවාරි මස 10 වන සෙනසුරාදා

2024 මැයි 18, ප.ව. 3:31



මෙරට මුල්‍ය වෙළඳපොලෙන් ඩොලර් එකතු කිරීමට මෙරට ක්‍රියාත්මක විදේශ බැංකු කිහිපයක් කටයුතු කිරීම හේතුවෙන් ඩොලරයේ අගය වේගයෙන් ඉහළ යමින් තිබෙන බව වාර්තා වනවා.

මුල්‍ය විශේෂඥයෝ පවසන්නේ, මෙම තත්ත්වය ඉදිරියටත් පැවතුණහොත් රුපියල තවදුරටත් අප්‍රමාණය වීමට ඉඩ ඇති බවයි.

ඩොලරය ශක්තිමත් වීමත් සමඟ ආනයන වෙළඳ කටයුතුවට බලපෑම් එලවිය හැකි යයි ආනයනකරුවන් කල් තියා ඩොලර් හෝ භාණ්ඩ රැස් කිරීමට උත්සාහ කිරීම මත මෙම තත්ත්වය උදාවී ඇති බවයි පැවසෙන්නේ.

මේ අතර, පසුගිය දිනවලදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තරමක අවප්‍රමාණයක් සිදුව ඇති බව  ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර සිටිනවා.

මේ අනුව, ඇමෙරිකානු ඩොලරයක විකුණු මිල ඊයේ (17) දිනයේ රුපියල් 307ක් ලෙස සටහන්ව වූ අතර පසුගිය සතියේ එය සටහන්ව තිබුණේ රුපියල් 303ක් ලෙසයි.

එමෙන්ම ඊයේ දිනයේ දී යුරෝවක වටිනාකම රුපියල් 335ක්ව තිබූ අතර ස්ටර්ලින් පවුමක වටිනාකම රුපියල් 390ක් ලෙසද සටහන්ව තිබුණා.

ඒ අනුව මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දෙන්නේ, රුපියල මේ දිනවල ඉතා සුළු වශයෙන් අවප්‍රමාණය වෙමින් තිබෙන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: