hit counter

2026 ජනවාරි මස 02 වන සිකුරාදා

2024 නොවැම්‍බර් 22, ප.ව. 3:42



ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (22) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 286.44ක් ලෙස සහ විකුණුම් මිල රු. 295.45ක් ලෙස පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින් දැක්වෙනවා.

ලංකා බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.287.00ක් ලෙස දැක්වෙන අතර විකුණුම් මිල රු.295.00ක් ලෙස දැක්වෙනවා.

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.284.08ක් සහ විකුණුම් මිල රු.295.63ක් ලෙස සඳහන්.

හැටන් නැෂනල් බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.287.25ක් වන අතර විකුණුම් මිල රු.294.25ක් වනවා.

සෙලාන් බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.286.70ක් බවත් විකුණුම් මිල රු.294.20ක් බවටත් දැක්වෙනවා.

කොමර්ෂල් බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.284.97ක් සහ විකුණුම් මිල රු.294.75ක් ලෙස සඳහන්.

අමානා බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.288.50ක් ලෙසත් විකුණුම් මිල රු.293.50ක් ලෙසටත් වාර්තා වනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: