2024 අප්‍රේල් 29, පෙ.ව. 7:59
සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය සියයට 9 සිට සියයට 13 ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,
“සේවක අර්ථසාධක අරමුදල අපේ රටේ තියෙන දැවැන්තම අරමුදල, ලක්ෂ 27ක් සාමාජිකයෝ ඉන්නවා. අපි සූදානම් 2023 වර්ෂය සඳහා සේවක අර්ථසාධක අරමුදල ආයෝජනය කරලා උපයාගත් මුදල්වලින් සියයට 9 ක් නොවෙයි සියයට 13ක් ගෙවන්න. 9 තමයි අපි අවම වශයෙන් දියයුතු මුදල හැටියට තිබුණේ. නමුත් සියයට 13ක් දෙන්න රජය දැන් කටයුතු කරගෙන යනවා. මේක රජයේත් ජයග්‍රහණයක්, ඊට එහා ගියාම මේක සාමාජිකයින් විසිහත් ලක්ෂයේම ජයග්‍රහණයක්. ඒ අරමුදල ආයෝජනය කරලා ලබාගත්ත ලාභයෙන් සැබෑ කොටසක් සාමාජිකයින්ට යනවා.”
2025 දෙසැම්‍බර් 24, පෙ.ව. 9:18
2025 දෙසැම්‍බර් 23, ප.ව. 4:02
2025 දෙසැම්‍බර් 23, පෙ.ව. 9:00
2025 දෙසැම්‍බර් 22, ප.ව. 4:52
2025 දෙසැම්‍බර් 22, ප.ව. 2:59
25-12-25
25-12-25
25-12-25
25-12-25
24-12-25
24-12-25
24-12-25
24-12-25
24-12-25
24-12-25
24-12-25
24-12-25
24-12-25
24-12-25
24-12-25
24-12-25
24-12-25
24-12-25
23-12-25
23-12-25
23-12-25
23-12-25
23-12-25
23-12-25