hit counter

2026 ඔක්‍තෝබර් මස 05 වන සඳුදා

2023 අගෝස්‍තු 29, පෙ.ව. 11:05



රන් වෙළෙඳපොළේ ‌ඊයේ දිනයේ දී මිල පහළ යෑමක් පෙන්නුම් කළ ද අද වනවිට එය රුපියල් 1,964කින් ඉහළ ගොස් තිබෙනවා.

රුපියල් 621,704ක් ලෙස රන් අවුන්සයක මිල ඊයේ දිනයේ දී සටහන් වෙද්දී අද රන් අවුන්සයක මිල සටහන් වුණේ රුපියල් 623,668ක් ලෙසයි.

කැරට් 24 ග්‍රෑම් 1ක මිල අද දිනයේ දී රුපියල් 22,000ක් ලෙස සටහන්ව තිබිය දී කැරට් 24 පවුමක මිල රුපියල් 176,000ක් ලෙස සටහන් වී තිබුණේ ද ඒ අනුවයි.

කැරට් 22 ග්‍රෑම් 1ක් රුපියල් 20,170ක් ලෙස සහ කැරට් 21 ග්‍රෑම් 1ක් රුපියල් 19,250ක් ලෙස ද සටහන්ව තිබුණා.

කැරට් 22 පවුමක මිල සටහන්ව තිබුණේ රුපියල් 161,350ක් ලෙසයි.

රුපියල් 154,000ක් ලෙස අද දිනයේ දී රන් වෙළෙඳපොළේ කැරට් 21 පවුමක මිල සටහන්ව තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: