hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 30, ප.ව. 2:52



ඉල්ලුම අඩුවීම හේතුවෙන් වාහන මිල ගණන් අඩුවී ඇතැයිද ඒ හේතුවෙන් වාහනයක් ගැනීමට හොඳම කාලය මේ අවස්ථාව බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා පවසනවා.

නමුත් ණය මුදලක් ගෙන වාහනයක් ගන්නා අයෙකුට එය ඉතා වියදම්කාරී කාරණයක් බවත් අතේ මුදලක් ඇති අයෙකුට වාහනයක් ගැනීමට හොඳ අවස්ථාව මෙය බවත් ඔහු පෙන්වා දෙනවා.

ණය මුදලක් ගෙන වාහනයක් ගතහොත් වසර 3ක් යද්දී වාහනයේ මුදලම පොලී ගෙවීමට සිදුවන බවත්

කෙසේවෙතත් රුපියල් ලක්ෂ 30 ට අඩු වාහනවල මිල ගණන් අඩුවී නොමැති බවයි ඔහු සඳහන් කළේ.

ලක්ෂ 30යි ලක්ෂ 100 අතර වාහන මිල අඩුවී ඇති බව පෙන්වා දෙන ඉන්දික සම්පත් මහතා වාහන ආනයනය කරන අවස්ථාවේ ලියාපදිංචි නොකල වැගන් ආර් රථයක් 2018දී රුපියල් ලක්ෂ 38ත් 39ත් අතර මුදලකට අලෙවි වූ බවත් එය වාහන ආනයනය නැවතීව හේතුවෙන් ලක්ෂ 60දක්වා ඉහල ගිය බවත් ඔහු කියා සිටියා.

මේවනවිට වැගන් ආර් රථයක් රුපියල් ලක්ෂ 55කට අලෙවි වන බවත් ඇක්වා රථයක් මිලත් පහල ගොස් ඇති බවත් ලක්ෂ 100කට අලෙවි වූ වාහනයන් මේවන විට ලක්ෂ 10ත් 15ත් අතර මිලකින් අඩුවී ඇති බවත් මෙරෙංචිගේ මහතා වැඩිදුරටත් පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: