2023 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:02
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනට අනුව මෙම මස 14 වැනිදා වන විට ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ එකඟතාවකට එළැඹෙන බවද ඒ අනුව අයි. එම්. එෆ්. ණය මුදලේ දෙවැනි වාරිකය ඉතා නුදුරේදීම ලංකාවට හිමි වීමට නියමිත බවද මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවැසුවා.
මෙම වැඩසටහනට අනුව විශ්‍රාමික අරමුදල් පිළිබඳව මේ වනවිට මතුව ඇති ගැටලු සම්බන්ධවද නිවැරදි තීන්දු ගැනීමට කටයුතු කරන බවද එම අරමුදල්වලට හානියක් නොවන ලෙස මෙම වැඩපිළිවෙළ කිරීමට කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
මෙම මස ශ්‍රී ලංකාවට ඉතාම තීරණාත්මක මාසයක් යැයිද අයි.එම්.එෆ්. නියෝජිතයන් තවත් දින කිහිපයකින් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත යැයිද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.
මෙම නියෝජිතයන් පැමිණීමෙන් පසුව ඉදිරි IMF ණය වාරිකය පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් කිරීමට නියමිත යැයිද ඒ අනුව මෙම සාකච්ඡා සාර්ථක කර ගැනීම තුළින් IMF දෙවැනි වාරිකය ඉතාම කෙටි කලකින් ලංකාවට ලබා ගැනීමට ආණ්ඩුව කටයුතු කරන බවද මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අදහස් දක්වමින් කියා සිටියා.
2025 පෙබරවාරි 07, පෙ.ව. 11:58
2025 පෙබරවාරි 06, ප.ව. 12:43
2025 පෙබරවාරි 03, ප.ව. 1:59
2025 ජනවාරි 30, ප.ව. 3:05
2025 ජනවාරි 30, ප.ව. 2:51
08-02-25
08-02-25
07-02-25
07-02-25
07-02-25
07-02-25
07-02-25
07-02-25
06-02-25
06-02-25
04-02-25
04-02-25
04-02-25
04-02-25
04-02-25
04-02-25
31-01-25
31-01-25
31-01-25
31-01-25
30-01-25
30-01-25
30-01-25
30-01-25