hit counter

2026 අගෝස්‍තු මස 24 වන සඳුදා

2023 ජූලි 25, පෙ.ව. 12:01



ගෝලීය දේශගුණ බලපෑම නිසා ඇතිවන ආහාර හිඟය හේතුවෙන් ඉදිරියේදී ආනයනික ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යා හැකි බව භාණ්ඩ ආනයනකරුවෝ පවසනවා.

ගෙවුණු සති කිහිපයේදී ආසියා මහද්වීපයේ රටවලට ඇතිවූ දරුණු ගංවතුර හා නියඟය මෙම තත්ත්වයට බලපා තිබෙනවා.

විශේෂයෙන් ඉන්දියාව, චීනය, පාකිස්තානය, බංග්ලාදේශය ආදී රටවලට දරුණු ගංවතුර තත්ත්වයන් ඇති වුණා.

එම නිසා වගාබිමි විශාල ප්‍රමාණයක අපේක්ෂිත අස්වැන්න අහිමිවන බවට ලෝක ආහාර සංවිධානයේද අවධානය යොමුව ඇත.

මේ හේතුවෙන් දැනටමත් ඉන්දියාව සිය සහල් අපනයනය නතර කර ඇති අතර බී ලූණු මිලද ඉහළ ගොස් තිබෙනවා.

මෙම තත්ත්වය යටතේ ඉදිරි මාස දෙක තුනේදී අල, කඩල, ලූණු, මිරිස් හා කුළුබඩු ආදියේ මිල ඉහළයාමේ අවදානමක් මතුව ඇති බව ආනයනකරුවන් පවසනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: