hit counter

2026 ජනවාරි මස 21 වන බදාදා

2023 ඔක්‍තෝබර් 24, ප.ව. 4:44



2022 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 2023 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ වෙළෙඳ භාණ්ඩ අපනයනය අමෙරිකානු ඩොලර් මිලියන 951.5 දක්වා 11.88% කින් අඩුවී ඇත.

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්තවලට අනුව ඒ බව පෙන්නුම් කෙරෙයි.

එසේම, එය 2023 අගෝස්තු මාසයේ වාර්තාවූ අගයට සාපේක්ෂව 14.94% ක අඩුවීමකි.

විශේෂයෙන්ම ඇඟලුම් සහ රෙදිපිළි, රබර් සහ රබර් ආශ්‍රිත නිෂ්පාදන, පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන වැනි අපනයන නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම අඩුවීම වෙළෙඳ භාණ්ඩ අපනයනයේ පහත වැටීමට හේතුවී ඇත.

2023 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය සඳහා සේවා අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 2,304.1 ක් වූ අතර, එය 2022 අනුරූප කාලපරිච්ඡේදයට වඩා 55.67% ක වැඩිවීමක් වනු ඇත. 

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ඇස්තමේන්තු කර ඇති සේවා අපනයන තොරතුරු තාක්ෂණය/ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ (ICT/BPM), ඉදිකිරීම්, මූල්‍ය සේවා, ප්‍රවාහන සහ කාර්යෝපාය සේවාවලින් සමන්විත වෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: