hit counter

2026 ජූලි මස 16 වන බ්‍රහස්පතින්දා

2026 ජූලි 17, පෙ.ව. 12:14



මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණයත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළ ගොස් තිබේ. 

මේ හේතුවෙන් මෙරට ආර්ථිකයට එල්ල විය හැකි අහිතකර බලපෑම් අවම කර ගැනීම සඳහා ලෝක වෙළෙඳපොළ මිල ගණන්වලට අනුකූලව මෙරට ඉන්ධන මිල ද සංශෝධනය කළ යුතු බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ලෝක වෙළෙඳපොළේ වත්මන් මිල ගණන්වලට අනුව, බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 85. දක්වා ඉහළ ගොස් ඇති අතර, WTI බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 80ක් ලෙස සටහන් වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ, මැදපෙරදිග අර්බුදය හේතුවෙන් මීට පෙර ද මෙරට ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වූ බවයි.

එම තත්ත්වය නැවත ඇති වීමේ අවදානමක් පවතින බැවින්, එය ජනප්‍රිය නොවන තීරණයක් වුවද ලෝක වෙළෙඳපොළ මිල ගණන්වලට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල ගැලපීම  වඩාත් උචිත බව ඔහු අවධාරණය කරයි.

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල මෙලෙස අඛණ්ඩව ඉහළ යාම ඉදිරියේදී මෙරට ආර්ථික ස්ථාවරත්වයට තවදුරටත් අභියෝගාත්මක විය හැකි බව ද වැඩිදුරටත් පෙන්වා දෙති.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: