2026 ජූලි 20, පෙ.ව. 12:09
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නිවසක් නොමැති පවුල් 115ක් සඳහා රුපියල් ලක්ෂ 1,150ක් වටිනා නිවාස ආධාර ලබාදීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ.
“තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” යන තේමාව යටතේ මේ වසර තුළ දිවයින පුරා නිවාස දසදහසක් ඉදිකිරීම සඳහා ක්‍රියාත්මක මහා පරිමාණ වැඩපිළිවෙළට සමගාමීව මෙම ව්‍යාපෘතිය දියත් කර ඇත.
මෙම නිවාස ආධාර බෙදාදීමේ විශේෂ උත්සවය නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැත්විණි.
මෙම නිවාස ආධාර වැඩසටහනේ පවතින සුවිශේෂී කරුණ වන්නේ රජය මඟින් ලබාදෙන මෙම මූල්‍ය ආධාර පසුව ප්‍රතිලාභීන්ගෙන් යළි අයකර නොගැනීමයි.
කෙසේ වුවද, ආධාර ලබන ප්‍රතිලාභී පවුල් විසින් තමන්ගේම ශ්‍රම දායකත්වය උපයෝගී කරගනිමින් මෙම නිවාස ගොඩනගාගත යුතු වෙයි.
මෙම නිවාස ආධාර ප්‍රදානෝත්සවය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වූහ.
2026 ජූලි 21, පෙ.ව. 12:18
2026 ජූලි 21, පෙ.ව. 12:14
2026 ජූලි 21, පෙ.ව. 12:13
2026 ජූලි 21, පෙ.ව. 12:13
2026 ජූලි 21, පෙ.ව. 12:13
21-07-26
21-07-26
20-07-26
20-07-26
20-07-26
20-07-26
20-07-26
20-07-26
20-07-26
20-07-26
20-07-26
20-07-26
18-07-26
18-07-26
17-07-26
17-07-26
17-07-26
17-07-26
17-07-26
17-07-26
17-07-26
17-07-26
17-07-26
17-07-26