hit counter

2026 ජූලි මස 16 වන බ්‍රහස්පතින්දා

2026 ජූලි 17, පෙ.ව. 12:29



පුරවැසි ආචාරධාර්මික යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම උදෙසා සමාජය පුරා පැතිරුණු සුපිළිපන් සංස්කෘතියක් මත පදනම් වූ ‘ක්ලීන් ශ්‍රී ලංකාවක්’ ගොඩනැගීමේ ජාතික මෙහෙයුම එළඹෙන ජුලි 27 වැනිදා සිට 31 වැනිදා දක්වා ‘සුපිළිපන් සතිය’ ලෙස ප්‍රකාශයට පත් කරමින් ආරම්භ කිරීමට රජය පියවර ගෙන තිබේ.

මෙම වැඩසටහන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන හා ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීම සඳහා සියලුම රාජ්‍ය ආයතන වෙත ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ අත්සනින් යුතුව විශේෂ චක්‍රලේඛයක් ද නිකුත් කර ඇත.

එම චක්‍රලේඛයේ සඳහන් වන පරිදි ප්‍රකාශිත සතියේ සිට අඛණ්ඩව ඉදිරියටම මෙම ජාතික මෙහෙයුම ක්‍රියාත්මක විය යුතුය.

සමස්ත රාජ්‍ය සේවයේම ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාවය සහ පාරදෘශ්‍යභාවය ඉහළ නැංවීම මෙන්ම දූෂණයෙන් තොර ආදර්ශමත් පරිපාලන ව්‍යූහයක් ගොඩනැගීම රජයේ ප්‍රමුඛතම අභිලාෂය වී ඇති අතර, එම උදාර අරමුණ සාක්ෂාත් කර ගැනීම උදෙසා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

ඒ අනුව, සුපිළිපන් නීතිගරුක රාජ්‍ය සේවයක්, සුපිළිපන් ඩිජිටල් රාජ්‍ය සේවයක්, මානව ගරුත්වයෙන් පිරි සුපිළිපන් සමාජයක්, සුපිළිපන් පාරදෘශ්‍ය මෙහෙයුම් ජාලයක් මෙන්ම සුපිළිපන් තිරසාර හරිත සංස්කෘතියක් යන සුවිශේෂී තේමාවන් කිහිපයක් ඔස්සේ මෙම ප්‍රජා සත්කාරක ජාතික වැඩසටහන සුපිළිපන් සතිය පුරා දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: