hit counter

2026 අගෝස්‍තු මස 24 වන සඳුදා

2023 ජූලි 22, පෙ.ව. 12:05



ජපානයේ තාක්ෂණික සීමාවාසික පුහුණු ලාභීන් ලෙස මෙරට තරුණ තරුණියන් වැඩි වශයෙන් බඳවා ගැනීමට කටයුතු කරන ජපානයේ IRO ආයතනයේ අධ්‍යක්ෂක සුගා කට්සුකායිගෙන් ඉල්ලීමක් කර ඇති බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කළා.

ඒ ඊයේ (21) එම ආයතනයේ අධ්‍යක්ෂක සුගා කට්සුකායි ඇතුළු විශේෂ නියෝජිත පිරිසක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණි මොහොතේ දීයි.

එහිදී ශ්‍රි ලාංකිකයින්ගේ තාක්ෂණික හැකියාව හා වැඩිහිටි සත්කාර සේවා ජපන් ජාතිකයින් ඉතා ඉහළින් අගය කරන බව ඔවුන් පවසා තිබෙනවා.

කෙසේ වෙතත්, මෙරට තරුණ තරුණියන් තාක්ෂණික සීමාවාසික පුහුණු ලාභීන් ලෙස ජපානයේ රැකියාවට යොමුකිරීමට 2021 දී එම ආයතනය හා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: