hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2024 ජූලි 08, පෙ.ව. 12:02



අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ 2022 උසස් පෙළ සමතුන්ට රාජ්‍ය නොවන අධ්‍යාපන ආයතනවල පාඨමාලා හැදෑරීම සඳහා පොලී රහිත ණය ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවයි.

මෙම පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය 2017 වර්ෂයේ අය-වැය යෝජනා අනුව ක්‍රියාත්මක කෙරෙන අතර මේ යටතේ ලක්ෂ 8ක උපරිමයකට යටත්ව පොලී රහිත ණය ලබාගැනීම සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත්වීමට වරම් නොලබන උසස් පෙළ සමත් සිසුන් සඳහා අවස්ථාව හිමි වේ.

අධ්‍යාපන අමාත්‍යංශය පෙන්වා දෙන්නේ මේ වන විට ශිෂ්‍ය කණ්ඩායම් 7ක් යටතේ සිසු සිසුවියන් 17,313ක සංඛ්‍යාවකට අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමත රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන 17ක උපාධි පාඨමාලා 100ක් හැදෑරීමට ණය මුදල් සපයා ඇති බව‍යි.

එමෙන්ම 2022 වසර උසස් පෙළ සමත් සිසු සිසුවියන් මෙම ණය යෝජනා ක්‍රමයේ 8 වන කණ්ඩායම ලෙස බඳවාගැනීමට නියමිත අතර ඊට අදාළව රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන වෙතින් ලබාදීමට යෝජිත පාඨමාලා සම්බන්ධ යෝජනා ද මේ වන විට කැඳවා ඇති බව අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: