2026 ජූලි 01, පෙ.ව. 12:14
එළඹෙන ජුලි මස 6 වනදා සිට 10 වනදා දක්වා කාලය තුළ දිවයින පුරා විශේෂ ජාතික බදු සතියක් සක්‍රීයව ක්‍රියාත්මක කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් සියලු කටයුතු යොදා තිබේ.
සාමාන්‍ය බදු ගෙවන්නන් පසුපස අනවශ්‍ය ලෙස හඹා යාම වෙනුවට ඔවුන් තමන්ගේ රට වෙනුවෙන් ස්වේච්ඡාවෙන්ම නිවැරදිව බදු ගෙවනු ලබන වගකිවයුතු පුරවැසියන් බවට පත්කිරීම මෙම ජාතික වැඩපිළිවෙළෙහි ප්‍රධානතම අරමුණ බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවති විශේෂ මාධ්‍ය හමුවේදී හෙළි කෙරුණේ.
රාජ්‍ය ආදායම් වර්ධනය කිරීමේ මෙම නව සන්නිවේදන වැඩපිළිවෙළ පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලයේ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශයේ අධ්යක්ෂ අසිත මුණසිංහ මහතා මෙන්ම දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ප්‍රතිපත්ති පිළිබඳ කොමසාරිස් සහ නිල මාධ්‍ය ප්‍රකාශක නන්දන කුමාර යන මහත්වරුන් මෙහිදී අදහස් දක්වමින් කරුණු පැහැදිලි කළහ.
එහිදී ඔවුන් අවධාරණය කළේ බදු ක්‍රියාවලිය වඩාත් සරල සහ විනිවිදභාවයකින් යුතුව මහජනතාව වෙත සමීප කරවීමට මෙම ජාතික බදු සතිය තුළදී විවිධ දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් දිවයින පුරා ක්‍රියාත්මක කරන බවයි.
2026 ජූලි 01, පෙ.ව. 12:33
2026 ජූලි 01, පෙ.ව. 12:22
2026 ජූලි 01, පෙ.ව. 12:19
2026 ජූලි 01, පෙ.ව. 12:18
2026 ජූලි 01, පෙ.ව. 12:17
01-07-26
01-07-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
29-06-26
29-06-26
28-06-26
28-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26