hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 03, පෙ.ව. 9:26



ප්‍රවාහන හා නිර්බාධක දීමනාවට සමාන්තර දීමනාවක් ලැබෙන බවත් මැයි මාසයේ වැටුපට ඉන් 50%ක් එකතු වීමට නියමිත බවද සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් සදහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලිපියක් ලැබීම හේතුවෙන් සෞඛ්‍ය වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය සති 03කට අත්හිටුවීමට තීරණය කළ බවද සභාපති රවී කුමුදේශ් සදහන් කරයි.

වෛද්‍යවරුන්ට ලබාදෙන ඩැට් දීමනාව හා සමාන දීමනාවක් තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති ඊයේ (02) දින වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වු අතර පසුව බලධාරීන් සමග සාකච්ඡාකර එකඟතාවයකින් අවසන් වී ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: