hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2024 ජූනි 07, ප.ව. 3:15



ගංවතුර බලපෑමට ලක්වූ නිවාස පිරිසිඳු කරගැනීම සඳහා රජයෙන් ලබාදෙන රුපියල් 10,000ක මුදල ලබාගත හැකි ක්‍රමවේදය පිළිබඳ අද (07) ජනතාව දැනුවත් කරනු ලැබුවා.

ඒ,අනුව එය ලබා ගැනීම සඳහා ග්‍රාම නිලධාරී සහතිකය අවශ්‍ය බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසනවා.

“ගංවතුරෙන් හානි වූ නිවාස පිරිසිඳු කරගැනීම සඳහා රජයෙන් රුපියල් 10,000 බැගින් ලබාදීමට කටයුතු කරනවා. එය ලබාගැනීමේදී ග්‍රාම නිලධාරී සහතිකය සහ ඊට අදාළ නිර්දේශ අවශ්‍ය වෙනවා.”

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉකුත් 01 වනදා සිට මේ දක්වා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 113ක එනම් දිස්ත්‍රික්ක 13ක ජනතාව පීඩාවට පත්වී ඇති අතර පුද්ගලයන් 239,000කට අධික පිරිසක් අවතැන් වී ඇත.  





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: