hit counter

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා

2024 අගෝස්‍තු 11, පෙ.ව. 12:02



වතු සේව­ක­යන්ට වැඩි කළ රුපි­යල් 1700ක වැටුප ඒ ආකා­ර­යෙන්ම ලබා­දී­මට ආණ්ඩුව තීර­ණය කර ඇතැයි සභා­නා­යක, අධ්‍යා­පන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේම­ජ­යන්ත මහතා ප්‍රකාශ කළා.

එහිදී ඇමැ­ති­ව­රයා පැව­සු­වේ, වතු සේව­ක­යන්ට වැඩි කළ වැටුප සම්බ­න්ධ­යෙන් වන ගැට­ලුව මේ වන විට පඩි පාලක සභා­වට යොමුව ඇති බවත් ඒ සම්බ­න්ධ­යෙන් පඩි පාලක සභා­වෙන් කුමන තීර­ණ­යක් ගත්ත ද වැඩි කළ වැටුප ඒ ආකා­ර­යෙන්ම ලබා­දී­මට කම්කරු ඇමැ­ති­ව­රයා අපේක්ෂා කරන බවයි.

වතු සේව­ක­යන්ට වැඩි කළ වැටුප නොගෙ­වීම සම්බ­න්ධ­යෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා 27 (2) යටතේ ඇසූ ප්‍රශ්න­යට පිළි­තුරු දෙමින් ඇමැ­ති­ව­රයා මේ බව කියා සිටියා.

වතු සේව­ක­යන්ගේ වැටුප රුපි­යල් 1700 දක්වා වැඩි කිරීම නිසා හාම්පු­තුන් අධි­ක­ර­ණ­යට ගිය බවත් එම නිසා පඩි පාලක සභා­වට එය මේ වන විට යොමු කර තිබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ඇමැ­ති­ව­රයා ප්‍රකාශ කළේ, මෙම වැටුප් වැඩි කිරීම ලබා­දීමේ වැඩ­පි­ළි­වෙළ මේ වන විට සැල­සුම් කර ඇති බවයි.

මේ අතර,විශ්‍රාමිකයන්ට ගෙවීමට නියමිත රුපියල් තුන්දහසක අන්තර් කාලීන දීමනාව ඡන්දයෙන් පසු ගෙවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රජයේ ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව ලබන ඔක්තෝබර් මාසයේදී සැප්තැම්බර් දීමනාව ද සමග වාරික දෙකම එකට ගෙවන ලෙසයි දැනුම් දී ඇත්තේ.

සිය නියෝගය නොතකා එම දීමනාව ගෙවන ලෙසට අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලබන 12 වැනිදාට පෙර කරුණු පැහැදිලි කිරීමක් කරන ලෙසයි, මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: