2024 අගෝස්‍තු 11, පෙ.ව. 12:02
වතු සේවකයන්ට වැඩි කළ රුපියල් 1700ක වැටුප ඒ ආකාරයෙන්ම ලබාදීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි සභානායක, අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළා.
එහිදී ඇමැතිවරයා පැවසුවේ, වතු සේවකයන්ට වැඩි කළ වැටුප සම්බන්ධයෙන් වන ගැටලුව මේ වන විට පඩි පාලක සභාවට යොමුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් පඩි පාලක සභාවෙන් කුමන තීරණයක් ගත්ත ද වැඩි කළ වැටුප ඒ ආකාරයෙන්ම ලබාදීමට කම්කරු ඇමැතිවරයා අපේක්ෂා කරන බවයි.
වතු සේවකයන්ට වැඩි කළ වැටුප නොගෙවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 27 (2) යටතේ ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියා.
වතු සේවකයන්ගේ වැටුප රුපියල් 1700 දක්වා වැඩි කිරීම නිසා හාම්පුතුන් අධිකරණයට ගිය බවත් එම නිසා පඩි පාලක සභාවට එය මේ වන විට යොමු කර තිබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
ඇමැතිවරයා ප්‍රකාශ කළේ, මෙම වැටුප් වැඩි කිරීම ලබාදීමේ වැඩපිළිවෙළ මේ වන විට සැලසුම් කර ඇති බවයි.
මේ අතර,විශ්‍රාමිකයන්ට ගෙවීමට නියමිත රුපියල් තුන්දහසක අන්තර් කාලීන දීමනාව ඡන්දයෙන් පසු ගෙවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රජයේ ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා.
ඒ අනුව ලබන ඔක්තෝබර් මාසයේදී සැප්තැම්බර් දීමනාව ද සමග වාරික දෙකම එකට ගෙවන ලෙසයි දැනුම් දී ඇත්තේ.
සිය නියෝගය නොතකා එම දීමනාව ගෙවන ලෙසට අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලබන 12 වැනිදාට පෙර කරුණු පැහැදිලි කිරීමක් කරන ලෙසයි, මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26