hit counter

2026 අප්‍රේල් මස 08 වන බදාදා

2023 ජූලි 30, පෙ.ව. 1:05



ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය සහ ලාඕසයේ මූල්‍ය බුද්ධි ඒකකය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම කැනඩාවේ වැන්කුවර් නගරයේ දී සිදු වුණා.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ ලාඕස බැංකුවේ නියෝජ්‍ය අධිපති වතනා දලලෝයි මහත්මිය අතර එම අවබෝධතා ගිවිසුම හුවමාරු කර ගැනුණා.

මහ බැංකු අධිපතිවරයා ඉකුත් ජූලි 11 සිට ජූලි 14 දා දක්වා කැනඩාවේ වැන්කුවර් නගරයේදී පැවැති මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ වාර්ෂික සැසිවාරයට සහභාගි වන අතරතුර මේ අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම ද සිදු වුණා.