hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 අප්‍රේල් 13, පෙ.ව. 12:04



පසුගිය 2021 වසරට සාපේක්ෂව 2024 වසර වන විට වෙළඳපොළ තුළ සනීපාරක්ෂක තුවා පැකට්ටුවක මිල සියයට අනූතුනකින් පමණ ඉහළ ගොස් ඇති බව ඇඩ්වොකාටා ආයතනයේ පර්‌යේෂණ විශ්ලේෂක සත්තරණි සිරිවර්ධන පැවසුවා.

2021 වසරේදී රුපියල් එකසිය විස්සක පමණ මිලක පැවති සනීපාරක්ෂක තුවා පැකට්ටුවක මිල මේ වන විට රුපියල් දෙසීයේ සීමාව ඉක්මවා ඇති අතර ඇය පෙන්වා දෙන්නේ සනීපාරක්ෂක තුවා පැකැට්ටුවක් මත සියයට පනහක පමණ බදු ප්‍රතිශතයක් පවතින බවයි.

එමෙන්ම 2018 වසරේ සිට 2024 දක්වා කාලසීමාව තුළදී සනීපාරක්ෂක තුවාවලට පමණක් බදු ප්‍රතිපත්ති හතක් රජය මගින් විටෙන් විට වෙනස් කර ඇති අතර මෙලෙස බදු ප්‍රතිපත්ති වෙනස්වීම හේතුවෙන් සනීපාරක්ෂක තුවා ආනයනකරුවන් පවා දැඩි අසීරුතාවන්ට මුහුණදුන් ඇය පෙන්වා දුන්නා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය කියා සිටියේ මහ බැංකුව විසින් 2022ට වර්ෂයට අදාළව නිකුත් කර ඇති වාර්තාවකට අනුව වාර්ෂිකව සනීපාරක්ෂක තුවා මත පනවන බදු මුදල්වලින් පමණක් රුපියල් මිලියන තිස්හයක ආදායමක් රජය විසින් ලබාගෙන ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: