hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2026 සැප්‍තැම්‍බර් 16, ප.ව. 10:03



මහජන බැංකුවේ අනුග්‍රාහකත්වයෙන් පවත්වන අන්තර් පාසල් වයස අවුරුදු 13න් පහළ පැසිපන්දු ශූරතාවලිය 2026 හි අවසන් තරඟ සහ ත්‍යාග ප්‍රදානෝත්සවය කොළඹ, සුගතදාස ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැත්විණි.

මෙහිදී 13 න් පහළ පිරිමි – (පළමු කාණ්ඩය) ශූරතාවය මොරටුව, වේල්ස් කුමාර විද්‍යාලය හිමිකරගත් අතර, කොළඹ රාජකීය විද්‍යාලය පළමු අනුශූරතාවය දිනා ගත්තේය. කොළඹ ශාන්ත පීතර විද්‍යාලය සහ කොළඹ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය පිළිවෙලින් දෙවැනි අනුශූරතාවය සහ තෙවැනි අනුශුරතාවයන් ස්ථාන දිනා ගත්හ.

13න් පහළ ගැහැණු – (පළමු කාණ්ඩය) ශූරතාවය කොළඹ, ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය ශූරතාව දිනා ගත්තේය. නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල පළමු අනුශූරතාවය දිනාගත් අතර, අම්බලන්ගොඩ පී.ඩී.එස් කුලරත්න විද්‍යාලය සහ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය පිළිවෙලින් දෙවැනි සහ තෙවැනි අනුශූරතාවයන් දිනා ගත්හ.

මෙම ශූරතාවලියේදී වයස අවුරුදු 13 න් පහළ පිරිමි සහ ගැහැණු අංශයන්හි කාණ්ඩ කිහිපයකින් යටතේ තරඟ පැවැත්විණි.

එමෙන්ම අනාගත පරපුරේ ක්‍රීඩා කුසලතා දිරිමත් කිරීමේ අරමුණින්, මහජන බැංකුව විසින් කැපි පෙනෙන දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රිඩිකාවන් 62 දෙනෙකු තෝරාගෙන ඔවුන්ව ‘Future MVPs’ ලෙස නම් කරමින් ඇගයීමට ලක්කරන ලදි.

මේ අවස්ථාවට මහජන බැංකුවේ සභාපති චන්දන ගුණියන්ගොඩ. ප්‍රධාන විධායක නිලධාරි/සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා, ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු සංගමයේ සභාපති ඉරාන් චම්පික සිල්වා යන මහත්වරුන්, මහජන බැංකුවේ ආයතනික හා විධායක කළමනාකාරිත්වය. ක්‍රීඩක ක්‍රීඩකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.