hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 02, පෙ.ව. 10:47



ඉඩම් මැනීම, කැබලි කිරීම, තක්සේරු කිරීම සඳහා මිනින්දෝරුවරුන්ගේ ගාස්තු ඉහළ දමා තිබෙන බව වාර්තා වනවා.

ඒ, අධිකරණ අමාත්‍යවරයාට පැවරි ඇති විශේෂ බලතලයකින්.

ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 21 දරන බෙදුම් නඩු පනතේ 8 වැනි සහ 29 වැනි වගන්ති සමඟ කියවිය යුතු 82 අ වන වගන්තියෙන් අමාත්‍යවරයාට අදාළ බලතල හිමි වන බව සඳහන් වෙනවා.

අදාළ ගැසට් පත්‍රය හරහා මිනින්දෝරුවරුන්ගේ වෘත්තීය ගාස්තු පුහුණු සහායකයකු, නුපුහුණු සහායකයකු සඳහා ගෙවිය යුතු ද ප්‍රකාශයට පත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඒ අනුව, මහ නගර සභා සීමාවක් තුළ පිහිටා ඇති ඉඩමේ වර්ග මීටර් 250 දක්වා රුපියල් 20,000ක් අය කරනු ඇති.

අදාල ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ, එක් එක් අතිරේක වර්ග මීටර් 100 ක් සඳහා රුපියල් 200 ක් අය කළ යුතු බවයි.

නාගරික සංවර්ධන ප්‍රදේශයක සීමාව තුළ, ආයෝජන මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරන ලද හෝ යම් බලපත්‍ර ලත් කලාපයක් තුළ නගර සභාවක සීමාව තුළ පිහිටා ඇති ඉඩමක් සඳහා වර්ග මීටර් 250 දක්වා රුපියල් 15,000 ක මුදලක් අය කෙරෙනු ඇති.

එක් එක් අතිරේක වර්ග මීටර් 500 ක් සඳහා අය කරනු ලබන මුදල රුපියල් 2,000ක්.

ප්‍රදේශීය සභාවක සීමා තුළ පිහිටා ඇති ඉඩමක් මැනීම සඳහා, පිඹුර සහ වාර්තාව සකස් කිරීම, අනුපිටපත් ලබාදීම, පිඹුර අධිෂ්ථාපනය කිරීම මඟින් බිම් කැබැලි පෙන්නුම් කිරීම සහ පිඹුරේ සංවර්ධන ගාස්තුව රුපියල් 10,000ක් වනවා.

වර්ග මීටර 2000 දක්වා මැනීම සඳහා තැන්පත් කළ යුතු අවම ගාස්තුව රුපියල් 20,000ක් වන අතර එය එක් එක් වර්ග මීටර් 1000ක් සඳහා රුපියල් 3500ක් තැන්පත් කළ යුතුයි.

මැනීමේ කටයුතුවලට බාධා ඇති වී මිනින්දෝරුවරයාට සිය රාජකාරිය නිසි අයුරින් සිදු කිරීමට නොහැකි වන අවස්ථාවක ඔහුට රුපියල් 10,000 ක් ද පුහුණු සහායකයකු සඳහා රුපියල් 3,500 ක් ද නුපුහුණු සහායකයකු සඳහා රුපියල් 3,000 ක් ද ගෙවීමට සිදු වනවා.

එවැනි අවස්ථාවකදී පුහුණු සහායකයකු ඇතුළුව සහායක සංඛ්‍යාව 7 දෙනෙකු නොඉක්මවිය යුතු බවයි අදාල ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: